පරෙයියාගේ දින සටහන් - 03

(Cartoon by Sajith Bandara)

 
පරෙයියා බෝඩිම් කාමරයේ වමේ සිට දකුණට ද දකුණේ සිට වමට ද ඇවිද්දේ ය. අනතුරු උඩ සිට පහළට ද පහළ සිට උඩට ද ඇවිද්දේ ය.

බුකි ගත වුණේ ය. වෝල් එකේ උඩට ද පහළට ද ගියේ ය. මංබබා සෑර්ගේ වීරක්‍රියා වැහි වැහැලා ය. මුලමදින වලව්වේ අතවැසියෝ අඬති, හැපෙති, පෙරලෙති, කෑ මෝර දෙති.  කණ්නාඩියක් ඉදිරිපසට වී කදුළු පෙරමින් කැකිරි පලති. නිකං බාස්ගේ අත වැස්සෝ බලාගත් බලා හිඳිති. මැසිවිලි නගති. නිකං බාස් කාමරයකට වී හිඳිමින් විකටමේන්තුව තමන් හට ලබාදෙන ලෙස අඬමින් හිඳින බව බුකි වැස්සෝ කියති.

'පාප්ප අරගන තාප්පයේ ගාන්න සුදු නෝනා.... හදමල විකාගන මං මැරෙනවාආආආ... '

පරෙයියා අයිපෝනය වැටෙන්නට නොදී බල්ටියක් ගසා බේරා ගත්තේ ය. බෝඩිමේ අක්කාගේ අට වසර කොල්ලා මරහඬ තලමින් කෑ ගසයි.

'මොන කපුටු මංගල්ලයද්ද අයිසෙ.. මේකුන් ව ඉස්කෝලෙට යවලම ලොක්ඩවුන් කරන්න තිබ්බෙ.. '

පරෙයියා දොඩම් ඇට දෙකක් දෙකනේ ගසා ගත්තේ ය. බුකියට එබුණේ ය. කේරලයේ නළු නිලියන් පිරිසක් ලංකාවට 'විත් ගුරු රස්සා කර කොරෝනා හදාගන මැරිලා ය. ලංකාවට ඩෙල්ටා ද බීටා ද බෝ කර ඇත්තේ ද උන් ය. ඒ අතරවාරයේ මුලමදින වලව්වේ පෙට්‍රල්ෂෙඩ් බබා යුක්රේනයෙන් ආරක්ෂිතව සංචාරකයින් ගෙන්වා කොරෝනා බෝ වෙනවාදැයි අති සාර්ථක පරීක්ෂණයක් සිදු කර ඇත. ඒ ද වැක්සීන් වෙනුවට වතුර ගසා සුව කල හැකි ජාතියේ කොරෝනාවකි. සතුටට පත් මංබබා සෑර් ඔහු හට ගමේ ම භාණ්ඩාගාරය භාර දී ඇත.

මේ අතර කේරලයෙන් ගෙන්වූ ගුරුවරුන් යොදවාගන කොරෝනා බෝ කලේ යැයි චෝදනා කරමින් ගම අසල පැක්ටේරියේ වෘත්තීය සංගමයේ ලපබබා සොයමින් මෙහෙයුම් දියත් කර ඇති වග ද සඳහන් වුණි.

'ටිං... '

බුකි ක්‍රෂ් එක මැසේජ් එකක් දමා ඇත. පරෙයියා තටු දෙකම ගසා වටයක් කැරකුණේ ය.

'අනේ පරෙයි සුදූ.. මට ජොගින් යන්නෝන.'

'මක් කිව්වෙ?'

'අර වැව වටේ අනේ. ඒකෙ ජොගින් යන්නෝනෙ. ඔන්න මාව එක්කන් යන්නම ඕන හොඳේ.'

ඒ මොන කපුටු මංගල්ලයද්දැයි සොයා බැලූ පරෙයියා හට දැනගන්නට ලැබුණේ පරාක්‍රම සමුද්‍රය වටේ ජොගින් ට්‍රැක් එකක් ගහන්නට යන වග ය. ඒ පැත්තෙන් හක්ගෙඩි නාදයක් නැගෙනා බව ද සැල ය. ඉවසිය නොහැක.

පරෙයියා බතික් සරම හිසට උඩින් විසි කර අළුත් කිටකට බැස්සේ ය. සුවඳ විලවුන් බෝතලය ඇඟේ හලාගන එළියට වන්නේ ය. ලොක්ඩවුන් නීති ක්‍රියාත්මක කරනා පොලිස් බබාලාගෙන් බේරෙන්නට ගස් වලට මුවා වෙමින් පිම්මේ පියෑඹුවේ ය. ඒ හදිසියේ පරෙයියාගේ නෙත ගැටුණේ බෝඩිමේ අක්කාගේ කොල්ලා ද අත්‍යවශ්‍ය සේවාවකට යැයි පවසා කඩේට ගොස් ලොසින්ජර ඇරන් යන අයුරු ය. පරෙයියෙකුට නොහොබිනා වදන් පෙලක් මුදා හල පරෙයියා පරාක්‍රම සමුද්‍රය දෙසට පියෑඹුවේ ය. එතැන එකම ජරමරයකි. හාමුදුරු උන්නාන්සේ ලා දෙස් දෙවොල් තබමින් වැව වටේ ය. මුලමදින අතවැසියෝ පිරිසක් රට සංවර්ධනය කරන්න දෙන් නැතෝ කියමින් වැවෙන් අනෙක් පස සිට කෑ මොර දෙමිනි. පරෙයියා ඒ බලා සිටිනු නොහී ඇඳිවත පිටින්ම වැවට කිමිදී නෑවේ ය. නැවත එන්නට හැරුණේ ය.

දියවන්නවා ව මැද ඇති විකටමේන්තුව උඩින් පියාඹන පරෙයියා 'හෙහෙහෙ' අනුසාරයෙන් ශබ්දයක් ඇසී ඒ පැත්තට තටු කැරකුවේ ය.

'මේගොල්ලො කියනවා ෆින්ලන්තේ අගමැතිනි රජයේ වියදමින් උදේට කෑම කාලා අහුවෙලා ලු... හෙහෙහෙ... '

දෙවසරකට පෙර සමස්ත ලංකා විකටවරණයෙන් ජයගත් මංබබා සෑර් මුලමදින අතවැසියන් පිරිවරාගන විහිළුවක් කරයි.

'ඒ වුණාට එයාලා කතා කරන්නෙ නෑ අපි කරපු විදිය.. අපි තමයි හොඳටම කලේ.. හෙහෙහෙ... '

ඔක්කාරයට ආ පරෙයියා දියවන්නාවට වමනය කලේ ය. අනතුරු, තටු හරිබරි ගැස්සුවේ ය.

'ක්‍රැහ්.. තුහ්!'

බල්ටියක් ගැසූ පරෙයියා බෝඩිම කරා පියෑඹුවේ ය. 


Comments

  1. Ponnaya, internet eke pissu kelinne nathuwa ammata jangiyak aran denna puluwan tharamatwath hamba karapan.
    Pissu huththa

    ReplyDelete
    Replies
    1. සිදුණද? ස' ගෙ පු# පොඩ්ඩක් ලෙව කාලා වරෙන්. සනීප වෙයි.

      Delete
    2. Pissu ponnaya, attention ganna pake talk didi innawa... ubata ganiyak nadda? ponnaya anna ube amma handiye minisunge puka lewakanawa kanna salli nathuwa.. ammata haal kilowak aran depan. internet attention whore

      Delete

Post a Comment