ඇයි 'අපි'ව වෙන් කරලා මරලා දැම්මේ?

(Cartoon by Awantha Artigala-FB)

" මගෙ වයස අවුරුදු 18යි. මට තාම දෙමළ යාළුවෙක් නෑ. ඇයි ඔබ තුමන්ලා අපිව මෙහෙම වෙන් කළේ?"

මේ ගැටළුව යම් රූපවාහිනී නාලිකා වැඩසටහනක දී පාසල් ශිෂ්‍යාවක් අහපු ගැටළුවක්. මං මේක දැක්කෙ මේ ළමයා කරපු ප්‍රකාශයේ හොඳ නරක මනින්න ට්විටර් අවකාශයේ පිරිසක් අතර ඇතිවුණ කතාබහකදි. ඉතින්, මේ ප්‍රශ්නෙ හොඳයි ද? නරකයි ද?

එක් පිරිසකගේ අදහස වුණේ, ඒක තරමට නොගැලපෙන කතාවක්, රට ලෝකය ගැන නොදන්නාකම, NGO කාරයො පුරුදු කරවලා එවපු කතාවක්, නොතේරුම්කමට පණ්ඩිත කතා කියන ළමයින්ව පුම්බන්න එපා, දේශපාලනය ගැන නොදන්නාකම, ඔන්න ඔය වගේ අදහස් උදහස්. ඉතින් ඒක එහෙමද?

ඔය අතරේ මේ ළමයාගෙ කතාවට විරෝධය පළ කරපු පාර්ශ්වයේ එක අදහසක් තිබුණා ළමයින්ව වැඩිහිටියන් විසින් දේශපාලන අරමුණු සඳහා භාවිතා නොකළ යුතුයි කියලා, මං ඇත්තටම ඒ අදහසට එකඟයි. තමන්ගේ පෞද්ගලික දේශපාලන වාසි තකා මේ ළමයින්ව යොදාගැනීම වැරදියි. නමුත් එකක්, ඒකෙන් අදහස් වෙන්නෙ නෑ මේ රටේ දරුවන්ට, අනාගත පරපුරට දේශපාලනය අහිමියි හෝ ඔවුන් ඒ සම්බන්ධව උනන්දු නොවිය යුතුයි කියලා. ඒ වගේම ඔය ළමයා අහපු දේ, අපි දේශපාලකයන්ගෙන් ඇසිය යුතුම ප්‍රශ්නයක් ඒක. අපි මේ ළමයින්ව පුම්බන්න ඕන නෑ, හැබැයි ඔය චින්තනය පුම්බන්න ඕන. ළමයි පුරුදුවෙන්න ඕන ප්‍රශ්න දකින්න, ඒවා අහන්න. වැඩිහිටියො කියන දේ එහෙමම ගිල නොදා ඒවා ප්‍රශ්න කරන්න.

මේ ළමයා කතා කලේ මේ ළමයාගෙම අදහස් සහ වචන නම්, මේ ළමයා අපේ so called දේශපාලකයන්, මාධ්‍යවේදීන් සහ දේශපාලන ක්‍රියාකරුවන්ට වඩා ඉහල තැනක ඉන්නවා. හරි නම් මේ ප්‍රශ්න අහන්න ඕන වැඩිහිටි සමාජය. ඒත් උන් කැමතියි බෙදිලා ඉන්න. ඉතින් ළමයෙක් ඔහොම ප්‍රශ්නයක් ඇහුවම වැඩිහිටියන්ගෙ පළවෙනි ප්‍රතිචාරය වෙන්නෙ 'පැහෙන්නෙ නැතුව කට වහගන හිටපන්. උඹලා දන්න මඟුල' කියලා කට වහන එක. අපේ සමාජ සංස්කෘතියෙ ප්‍රධාන අංගයක් වෙන කොඳු ඇට නාරටිය කඩන එකත් කටවල් වහලා අනාගත පරපුර බය කරන එකත් වැඩිහිටියො ඉෂ්ඨ කරන්නෙ එහෙම. ළමයින්ගෙ කටට වචන දාලා තමන්ගෙ දේශපාලන අරමුණු ඉෂ්ඨ කරගන්න එක මං අනුමත කරන්නෙ නෑ. හැබැයි එකක්, මේ ළමයි කියන්නෙ වැඩිහිටියො බදාම ගහලා අනපු මැටි පිළිම සහ බොල් පිළිම වෙන්න ඕන නෑ. ඒ අයට එයාලාගෙම දේශපාලන දැක්මක් තියෙන්න ඕන. අවුරුදු 70ක කුණු ගඳ ගහන දේශපාලනය ප්‍රශ්න කරන්න ශක්තියක් තියෙන්න ඕන. ඔය බුද්ධිමත් කියන වැඩිහිටියො කලේ මේ රටේ ප්‍රශ්න නිර්මාණය කරමින් තමන්ගෙ පැවැත්ම තහවුරු කරගත්තු එක. ඒ පරම්පරාව ඉස්සරහ ඉඳන් මූණට ඔහොම ප්‍රශ්න කරන්න මේ ළමයින්ට පුළුවන් වෙන්න ඕන.

දේශපාලනය කියන්නෙ කුණු ගඳ ගහන දේශපාලඥයන්ටත්, ඒ කුණු ගොඩවල් වල වැටිලා කඩේ යන වැඩිහිටි පරම්පරාවටත් පමණක් හිමි දෙයක් නෙවෙයි. ඒක අනාගත පරම්පරාවටත් උරුමයි. අපේ වැඩිහිටියන්ගෙ ලොකුම ගැටළුව තමයි 'ළමයි = පට්ට ගොන් මෝඩයෝ' කියලා හිතන එක. පාසලේදී දේශපාලන විද්‍යාව, ඉතිහාසය සහ සමාජ අධ්‍යනය වගේ විෂයයන් ඉගෙන ගත යුත්තේ විභාග ලියන්න විතරයි කියලා හිතන එක. ළමයි තමන් ව ප්‍රශ්න නොකළ යුතුයි කියලා හිතන එක. ළමයි හිතන්න ඕන තමන් ළමයින්ට කියන දේ පමණයි කියලා හිතන එක. එහෙම නෑ. එයාලට ප්‍රශ්න අහන්න දෙන්න. ඒ ප්‍රශ්න තමාගෙන් ම අහන්න. වැඩිහිටියො අකමැතියි දරුවො ඉස්සරහ තමන්ගෙ දුර්වලතා, වැරදුණු තැන් පිළිගන්න. ඒ නිසා කරන්නෙ surpress කරන එක. දශක ගණන් පරණ වෛර සිතිවිලි තමන්ගෙ දරුවන්ටත් කවන්න හදන එක. තමන්ගෙ දුර්වලතා සහ වෛරය දරුවන්ටත් පටවන එක.

මං හිතන්නෙ බුදධිය මුහුකුරා නොගිය, ලෝකය නොදැකපු, ගෙදරින් ඉස්කෝලෙටයි පන්සලටයි පල්ලියටයි විතරක් ගිය කෙනෙක් වෙන්නෙ ඔය ළමයා අහපු ප්‍රශ්නෙ තමන්ගෙ හිතට නොආපු කෙනෙක් නම්, ඒක අහන්න තරම් ශක්තියක් නැති කෙනෙක් නම්, වෛරය සහ රෝග ලක්ෂණ විතරක් දකින රෝග මූලය නොදකින කෙනෙක් නම්. ඔය ළමයාව surpress කරන්න හදන so called වැඩිහිටි සමාජයට වඩා මේ ළමයා දැනටත් මානසිකව සහ මතවාදීමය වශයෙන් ඉදිරියෙන්. ඔය ළමයාව surpress කරන්නත් ridicule කරන්නත් කලින්, ඒ ප්‍රශ්නෙ තමාගෙන්ම අහගන්න එකයි වැඩිහිටි සමාජය කරන්න ඕන.

ඉතින් අපි අපෙන් ම අහමු. ඇයි ඔවුන් අපිව එකිනෙකාගෙන් වෙන් කළේ සහ තවදුරටත් වෙන් කරන්න උත්සාහ කරන්නේ? සිංහල පාසල් සිසුවෙක්ට ඇයි දෙමළ හෝ මුස්ලිම් හෝ යාළුවො එක්කෙනෙක් දෙන්නෙක් විතරක් ඉන්නෙ? නැත්නම්, ඇයි එක්කෙනෙක්වත් නැත්තෙ? ඇයි සිංහල සමාජය දෙමළ හෝ මුස්ලිම් සංස්කෘතියෙන් ගලවලා වෙන් කරලා දාලා තියෙන්නෙ?

ඒක සෑහෙන අතීතයට ගිහින් හොයාගන්න ඕන උත්තරයක්. ඒක සරලයි වගේ ම සංකීර්ණයි. සමාජයක් හෝ රටක් විවිධ ජාති, ආගම්, සංස්කෘතීන්, කුල වලට බෙදා වෙන් කරලා පාලනය කරන එක හැම අතින් ම ලේසි වැඩක්. ඒ වගේ ම ඒක සෑහෙන වාසිදායකයි. දැන් උදාහරණයක් විදියට කම්පැනි ඔෆිස් එකක් ගමු. ඔෆිස් එකේ ඉන්න සේවකයන්ට පඩි දෙන්නෙ අඩුවෙන්. ලොක්කා හොඳට සලකන්නෙ එකෙක් දෙන්නෙක්ට විතරයි. උන් තමා ලොක්කගෙ ගොට්ටො. අනිත් එවුන් ව බල්ලට දාලා තියෙන්නෙ. අළුතෙන් ආපු කෙල්ලව ඇඳට ගන්න Try කරලා බැරි වුණොත් ලොක්කගෙ ගොට්ටො මුළු කම්පැණියටම දැනුම් දෙනවා අහවල් කෙල්ල වටේ යන බඩුවක් කියලා. ඔෆිස් එකේ ඉන්න අනිත් එවුනුත් තව එකෙක්ව කපලා තමන් ලොක්කට ලං වෙන්නත් ඉස්සරහට යන්නත් බලන එවුන්. දැන් ලොක්කට කිසිම ගැටළුවක් නෑ. ඇයි? පඩි මදි කියලා ඉල්ලීමක් කරන්නවත් සේවකයෝ එකමුතු නෑ. එකෙක් පඩි මදි කියලා යම් ක්‍රියා මාර්ගයක් ගන්න හැදුවොත් තව එකෙක් ගිහින් ලොක්කගෙ 'හොඳ' ලිස්ට් එකට වැටීමේ අපේක්ෂාවෙන් අර කේලම කියලා පුළුවන්නම් ජොබ් එකත් නැති කරලා දානවා. ලොක්කා යටිමඩි ගහන එක ගැන එකෙක් ගැන එකෙක් ගැන කම්ප්ලේන් කරන්න හැදුවොත්, ඒත් ඒකමයි. අර ඇඳට ගොඩවෙන්න අකමැති වුණ කෙල්ල ඒ ගැන කම්ප්ලේන් කරොත් ඒ කෙල්ලට ගමේ ඉන්නත් නැති කරන්න ගොට්ටො ලෑස්තියි. බෙදා වෙන් කර පාලනය සෑහෙන පහසුයි. හැබැයි ඔය සේවකයො ටික එකමුතු වුණොත්? අර ලොක්කට ගෙදර යන්න වෙනවා.

දේශපාලනයේදීත් තත්වය ඕකයි. සිංහල, දෙමළ, මුස්ලිම් වෙන් කරාම රවට්ටන්න හරි ලේසියි. මොකද මේ විශේෂයෙන් මේ  ආසියාතික රටවල ඉන්න මිනිස්සු ජාතිය සහ ආගම කියන දේට පුදුම විදියට ලැදියි, ඒක හදවතටම දැනෙනවා. ඉතින් දේශපාලකයන් ට ඊට වඩා වටින දෙයක් තියනවද මිනිස්සුන්ව Impress කරන්න? තමන් වෙතට ආකර්ෂණය කරගන්න? නැහැ. නමුත් නිකන් ම ඕවා ගැන කිව්වට ඒක දැනෙනවද? නෑ. වාතය අපි අවට හැම වෙලේම  තියනවා, ඒත් ඒක දැනෙන්න නම් ෆෑන් එකක් දාන්න ඕන. ආන්න එතකොට හොඳට දැනෙනවා. එක් පිරිසකගේ ජාතිය සහ ආගම ඉස්මතු කරන්න දේශපාලකයොත් දානවා ෆෑන් එකක්. ඒ තමා 'අපේ ආගම සහ ජාතිය' විනාශ කරන්න මාන බලන 'උන්ගේ අහවල් ජාතිය සහ අහවල් ආගමිකයන්'. දැන් වැඩේ හරි. ඉහ මොළ රත් වෙන්න ගන්නවා, ලේ කකියන්න ගන්නවා, ඔන්න දැන් මේ 'තමාගේ ආගම සහ ජාතිය' වෙනුවෙන් වද වෙන සමාජයට ඕන වෙනවා නායකයෙක්. අර දේශපාලකයා ඉස්සරහට ඇවිත් මේ අසරණ සහ තර්ජනයට ලක් වූ සමාජය වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. දැන් මේ දේශපාලකයා අර සමාජයට මහා ගැලවුම්කාරයෙක් වෙනවා. දේශපාලකයා සිංහල සමාජයටත්, දෙමළ සමාජයටත්, මුස්ලිම් සමාජයටත් එක විදියටම කරන්නෙ ඔය ටික. දැන් උන් උන් එකිනෙකාට වෛර කරනවා. මිනිහෙක්ට තියන හොඳම මෝටිවේෂන් එක වෙන ආගම සහ ජාතිය නිසා ඒ අහවල් ආගම සහ ජාතිය රකින දේශපාලකයාට සමාජයේ කැමැත්තත් ලැබෙනවා. දේශපාලකයාට තමන් කැමති විදියකට හොරකම් කරන්න, මිනීමරන්න, කාන්තාවන් දූෂණය කරන්න ඇති පදමට නිදහසත් ලැබෙනවා. ඒවා ගැන කවුරු හරි කතා කරොත් පොඩි දෙයයි කරන්න ඕන. ආගම සහ ජාතිය ඉස්සරහට දාලා 'මෙන්න මේ අහවලා ජාතියේ සතුරෙක්' කියන්න විතරයි තියෙන්නෙ. ඌ ඉවරයි. ඉන් පස්සෙ මිනිස්සු පවා පුරුදු වෙනවා 'තමන්ගේ නායකයාගේ විරුද්ධවාදීන් ජාතියේ සහ ආගමේ ද විරුද්ධවාදීන් ය' කියලා හංවඩු ගහන්නත් එහෙම එවුන්ව මර්ධනය කරන්නත්. දැන් දේශපාලකයට තව ලේසියි. ප්‍රශ්නයක් නැත්නම් ප්‍රශ්න හදලා, මවලා හරි බෙදා වෙන්කර පාලනය කිරීමේ ඵල ප්‍රයෝජන අති මහත්.

මම මේ ලඟදි කාටූන් මූවී එකක් බැලුවා, The Angry Birds දෙවෙනි කොටස, මේ කතාවෙ ප්‍රධාන චරිතය වෙන Red තමයි ඌරන්ට විරුද්ධ සටන් කරලා බිත්තර බේරගත්තු කුරුළු දූපතේ ගැලවුම්කාරයා; වතාවක් මේ ඌරු දූපතේ නායකයා සාම පණිවිඩයක් එවනවා. කතා නායකයා වෙන Red මේ සාමය භාරගන්න සූදානම් නෑ. රෙඩ් ට ඕන කරන්නෙ යුද්ධෙ. මොකද මේ යුද්ධෙ නැත්නම් රෙඩ්ගෙන් අනිත් අයට ඵල ප්‍රයෝජනයක් නැතුව යනවා. ගණන් ගන්නෙ නැති වෙනවා. කුරුළු දූපතේ ගැලවුම්කාරයා වශයෙන් වැජඹෙන්න තියන අවස්ථාව අහිමි වෙනවා. ඒ කුරුළු දූපත වගේ ම තමයි මේ දූපතත්. රෙඩ් වගේම අපේ දේශපාලකයො කිසිම විටෙක කැමති නෑ මිනිස්සු එකට එකතු වෙනවට හෝ උන් විසින්ම ඇති කරපු මේ ජාතීන් හා ආගමිකයන් අතර තියන ප්‍රශ්න විසඳෙනවට. ඒ නිසා කාලෙන් කාලෙට ගින්දර පොඩ්ඩක් අවුලවලා ගින්න අළුත් කරනවා. මොකද ගැටළු විසඳුනොත් දේශපාලකයාට අවාසියි. සමාජයට තව දුරටත් තමාගෙන් ඵල ප්‍රයෝජනයක් නැතුව යනවා. තමන් වෙතට මිනිස්සු ගෙන්නගන්න, තමන්ට වන්දනාමාන කරවගන්න හේතුවක් නැති වෙනවා.

තව එක හේතුවක් තියනවා ඔය බෙදිල්ලට. ඒකත් එක්දහස් අටසිය ගණන් දක්වා ඇදෙනවා. ඕල්කට්ගෙ ධර්මපාලගෙ ආගමික පුනර්ජීවන වැඩසටහන්, ව්‍යවස්ථාදායක සභා වල ඉඳන්ම සමාජයේ වැජඹුණ කුහක නායකයන්ගෙන් මේ රටේ සිංහල සමාජය ආතුර වෙනවා. තමන් මහ ජාතිය බවත්, තමන් මේ රටේ අයිතිකාරයො බවත් දෙමළ සහ මුස්ලිම් ඇතුළු අනෙක් සමාජයන් කුලී නිවැසියන් හෝ ආක්‍රමණිකයන් බවත් හිතන්න ගන්නවා. ඔතනදි වෙන්නෙත් අර කලින් කියපු කතාව; සිංහල-දෙමළ-මුස්ලිම් එක් තනි සමාජයක් විදියට හිටියට තමන්ගේ ජාතියේ ශ්‍රී විභූතිය දැනෙන් නෑ, තමන්ගෙ එක තමා හොඳම එක කියලා හිතෙන්නෙ නෑ. හැබැයි ලංකාවෙ හිටිය අදූරදර්ශී කුහක නායක පැලැන්තිය මේ සිංහල මහ ජාතියට හතුරෙක් හඳුන්වා දෙනවා. වෙනත් ආගමක් අදහන එක, වෙන භාෂාවක් කතා කරන එක, වෙන සංස්කෘතික විධි අනුගමනය කරන එක සිංහල සමාජයට තර්ජනයක් සහ හතුරුකමක් විදියට පෙන්වලා දෙනවා. එදා ඉඳන් බහුතර සිංහල කතා කරන සමාජය අනිත් සමාජයන් දිහා බලන්නේ ඇමරිකාවේ white-supremacist ලා අවපැහැ සම ඇති මිනිස්සු දිහා බලනවා වගේ. අවඥාවෙන් සහ ඔවුන් තමන්ට වඩා පහළ තත්වයක මිනිස්සු විදියට හිතාගෙන. මෙන්න මේ බහුතරය තුල තියන කුහක හැඟීම් සහ සිතුවිලි නිසා තමයි රට බෙදෙන්නෙත්, ඒ බෙදීම කරන්න වර්තමාන දේශපාලකයන්ට පහසු වෙන්නෙත්.

අපිට තියෙන්නෙ යටත් විජිත සමයේ ඉඳන්ම අපේ නායකයො අපිට බොහොම පහසුවෙන් අටවපු ලෙහාගන්න අමාරු උගුලක්. යටත් විජිත සමයෙන් පස්සෙ වුණේ ඔය කාරණය තවත් උඩු දුවපු එක. විශේෂයෙන් දශක තුන හතරක ඉඳන් ඒක වැඩියි. ඉතින් දැන්වත් අපි 'ඇයි උඹලා අපිව බෙදලා වෙන් කලේ?' කියලා අහන්න කොන්දට පණ ගන්න ඕන. උන් හදලා දීපු නරා වලේ වැටිලා මරාගන්නවද එකට එකතු වෙලා නැගිටලා ජීවත් වෙනවද කියලා අපි තීරණය කරන්න ඕන. අනාගත පරම්පරාව අපි නොදැකපු ප්‍රශ්න දකින්න ඕන. ඒවට උත්තර අළුත් විදියකට හොයන්න ඕන.

කාලෙකට කලින් ගිය සහෝදරයා කියන Teledrama එකේ එනවා මෙහෙම දෙබසක්;

'මේ ජාතීන් අතර ප්‍රශ්නය මුන් ආයෙ අවුලවනවා. එහෙම නැත්නම් අනිත් එවුන් අවුස්සනකම් ඉඳලා උන් ඒකෙ වාසිය ගන්නවා. මේ හැම ආණ්ඩුවක්ම බලය පවත්වා ගන්නෙ බොහොම දැනුවත්ව, මේ සමාජය බෙදලා වෙන් කරලා.
උඹ හොඳට බලන් ඉඳපන්. මේ යන විදියට ආයෙමත් බිලි පූජාවක් එනවා. හැබැයි අපි තාම දන්නෑ මේ පාර තුවක්කුව හැරෙන්නෙ සිංහල සමාජයට ද දෙමළ සමාජයට ද කියලා. කාට හැරුණත්, ඒ හැරෙන්නෙ අපිට කියන අදහස මේ සමාජය ඇතුලෙ හදන්න ඕන.'

මේ සමාජය දිගු කරන සැකයේ  ඇඟිල්ලත්, වෛරයේ තුවක්කුවත්, කාගෙ පැත්තට හැරුණත් ඒ හැරෙන්නෙ අපේ පැත්තට. මොකද අපි කියන්නෙ සිංහලවත්, අපි කියන්නෙ දෙමළවත්, අපි කියන්නෙ මුස්ලිම්වත් නෙවෙයි. ඒක හරියට 'මම' කියන්නෙ මගෙ අත් විතරක්වත් මගෙ ඇස් දෙක හෝ කට විතරක්වත් නොවෙනවා වගේ, 'මම' කියන්නෙ මේ හැමදේකම එකතුව.
මේ රටේ ඉන්න 'අපි' හෝ 'ශ්‍රී ලාංකිකයන්' කියන්නෙත් ඒ විදියේ ආත්මයක් සහිත සම්පූර්ණ දේහයක් මිසක් එක කොටසක් නෙවෙයි.

ඒත් අපේ so called සිංහල,දෙමළ, මුස්ලිම් නායකයො නිසා මේ දේහය කොටස් වලට කැඩිලා තියෙන්නෙ. සමාජය ආත්මයක් නැති මල මිනියක් වෙලා කුණු ගඳ ගහන්නෙ ඒකයි. අපිට පුළුවන් කැමති නම් මේ විදියටම කුණු ගඳ ගගහා මරාගන්න, නැත්නම් එකතු වෙලා උගුලෙන් ගැලවෙන්න.

ඉතින්, අපි උන්ගෙ උගුලට අහුවෙලා අපි අපි මරාගන්නවද? එකතු වෙලා නැගිටිනවද? අපි අපේ ඇස් වටේ බැඳගත්තු කඩතුරාව බැඳගෙනම ඉන්නවද නැත්නම් මේක ගලවලා දානවද?

උත්තරේ සරලයි. හැබැයි ඒක තීරණය වෙන්නෙ තම තමන්ගෙ කුහකකමේ දිග පළල අනුව. 

ඔය සරල ප්‍රශ්නෙට අමාරුවෙන් හරි උත්තරේ හොයාගත්තොත් ඊට පස්සෙ එන ඕනම අමාරු සංකීර්ණ ප්‍රශ්නෙකට උත්තර හොයන එක 'අපි' ට පහසු වෙයි.

Comments

  1. එතකොට ලංකාවේ කාටවත් දෙමළ යාලුවෝ නැද්ද?
    අන් අයට දෙමළ යාලුවෝ ඉන්නවනං ඒ අය කොහොමද යාලු උනේ.

    දෙමළ කෙසේ වෙතත් ඒ ළමයාට අඩුම ගන්නේ වෙනත් යාලුවෝ කී දෙනෙක් සිටිනවාද?
    ඔන්න ඕකයි මට තියෙන ප්‍රශ්නේ.

    මට දැන් පාන් කන්න හිතිලා තියෙන්නේ. කෝ කවුරුවත් ගෙනත් දෙන්නේ නැහැනේ. මටම යන්න වෙනවා කඩේට පාන් ගෙඩියක් ගෙන්න. බලන්නකො ඒකෙත් හැටි.

    ReplyDelete
    Replies
    1. අන්න හරි. ඔයාට පාන් කන්න ඕන නම් ඔයා තමා ගිහින් පාන් ගේන්න ඕන. හැබැයි මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. ඔයාට කෙනෙක් කියනවා මෙහෙම, 'ඔය පාන් ගෙඩි වලට වස දාලායි දෙන්නෙ, ඒ නිසා ඕවා ගන්න එපා.' දැන් අවුලක් තියනවා, ඔයාට පාන් කන්න ඕන, අකමැත්තකුත් නෑ. හැබැයි ශුවර් නෑ. කාලා මලොත් එහෙම. අවිශ්වාසය කියන එක දළු ලන්න පටන් ගන්නෙ එහෙම. පස්සෙ ඔයාගෙ පරම්පරාවටම පාන් එපා වෙනවා. දැන් මං කියනවා අවුල තියෙන්නෙ පාන් ගෙඩියෙ නෙවෙයි, ඔයාට පාන් එපා කරවන්න විසබීජ ඔළුවෙ පැල කරපු කෙනාගෙයි කියලා. පාන් කෑවට කමක් නෑ, ඒවයෙ වස නෑ කියලා. එතකොට ඉතින් සමහර අය මෙහෙම ප්‍රශ්න අහනවා.

      "ඒ කියන්නෙ දැන් ලංකාවෙ කවුරුත් පාන් කන්නෙ නෑ? පාන් කන අය කන්නෙ මොකද එතකොට?" මේක තමා ඔයාගෙ තත්වෙ. යමක් කියවා තේරුම් ගැනීමේ සහ අවබෝධ කර ගැනීමේ නොහැකියාව.

      ලංකාවෙ මිනිස්සු කිව්වම දෙමළ මිනිස්සුත් අයිතියි. ලංකාවෙ මිනිස්සුන්ට දෙමළ යාළුවො ඉන්නවා. කොටසක් කොහොමත් දෙමළනෙ. දැන් ඔය දශක ගණනාවක විසබීජ ඔළුවෙ පුරවගන ඉන්න එකෙන් ගැලවුණ මිනිස්සු එදත් අදත් හිටියා. එකිනෙකා කෙරෙහි සැකයෙන් බලන්න පුරුදු නොවුණ මිනිස්සු. තමන්ගෙ so called නායකයන්ගෙ ගැට වලට අහු නොවුණ මිනිස්සු. උන් විසබීජ මළු උස්සන් එන්න කලින් ඉඳන්ම එකට ජීවත්වුණ මිනිස්සු. ප්‍රශ්නෙ ඒ ඉතාම සුළුතරයක් වෙන එක, සිංහල-දෙමළ-මුස්ලිම් මිතුරු හවුලක මේ තුන්දෙනා එකිනෙකා කෙරෙහි සැකයෙන් ඉන්න එක.

      මේ එච්චර තේරුම්ගන්න අපහසු හෝ අමාරු දේවල් නෙවෙයි. චිත්‍රයක් පෙන්නුවම ඒකෙ තියන එක පැන්සල් ඉරක් දිහා බලාගෙන ඉන්නෙ නැතුව සම්පූර්ණ චිත්‍රයම දිහා බැලුවොත් ඒක මොකක්ද කියලා හොඳට තේරුම්ගන්න පුළුවන්.

      Delete
    2. කඩේ පාන් වලට වස දාල තියෙනවනං, පාන්ම කන්නත් ඕනෙමනං ගෙදරම පාන් ගෙඩියක් හදා ගන්නවා. නැතුව කඩේ පාන් වලට වස දාල අපිට පාන් කන්න විදියක් නැහැ කියල අඬ අඬ, බේකරිකාරයට බැන බැන ඉන්නේ නැතුව.

      කොහොම වෙතත් දෙමළා කෙරෙහි සැකයක් ඇති කෙරෙව්වේ සිංහල දේශපාලකයන්ගෙනුත් බොහොම සීමිත කොටසක්. බහුතර අය එසේ කලේ නැහැ. ඒ තත්වය යටතේ බලන කල මේ ළමයා සහ ඔබ දෙදෙනාම ඒ සීමිත කොටසේ ගැට වලට අහු උනු අය බව පෙනේ. එනිසා ඔබ අයත් වන්නේ බහුතරයට කියා සිතනවා ඇති. මේකේ ප්‍රශ්නේ මෙතන නෙවේ, රටේ ජන ගහනය අනුව ඒ ළමයාට සිංහල යාළුවන් 8 ක් සිටින විටදී දෙමල යාළුවන් සිටින්නට හැකි උපරිම සම්භාවිතාවය 2 ටත් වඩා අඩුයි. එය ඒ ළමයා සිටින පරිසරය අනුව 0ක් වීමටත් හැකියාව තිබෙනවා. අන්න එකයි මම මුලින්ම මගේ ප්‍රශ්නේ කිව්වේ. ඉතින් ඔබගේ යමක් කියවා තේරුම් ගැනීමේ සහ අවබෝධ කර ගැනීමේ නොහැකියාව ගැන මම දුක් වෙනවා.
      ඕන දෙයක් වෙනකෙකු (දේශපාලකයෙකු) පිට දා ප්‍රශ්නෙන් මග හරිම නොවේ, ඇය මේ දෙමළ යාළුවෙක් හදාගැනීමට ගත් උත්සාහයක් කොහෙවත් කියල නැහැ. රැකියා විරහිත උපාධිධාරියෝ වගේ. හැම දේම ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙනවා.

      ඔය ගැට වලට බහුතරය අහුවෙලානං සිංහල මිනිස්සු දෙමල කඩේකට යන්නෙත් නැහැ, දෙමල දොස්තරගෙන් බෙහෙත් ගන්නෙත් නැහැ, වව්නියාවෙන් එහාට යන්නෙත් නැහැ. බහුතරය කවුද ගැට වලට අහු වෙලා තියෙන්නේ කවුද කියල තෝරාගන්න එක අර ඔබගේ පැන්සල් ඉරේ කතාවෙන්ම පැහැදිලි කරගන්න පුළුවන් වේවි, ටිකක් හිටගෙන මොලේ කල්පනා කලොත්.

      Delete
    3. ඔය කාරණයට වරද පැටවෙන්නෙ සිංහල දේශපාලකයට විතරක් නෙවෙයි. අනෙක් සමාජයන් විරසක කරන්න සිංහල-දෙමළ-මුස්ලිම් නායකයන්ගේ (දේශපාලනික සහ ආගමික) ක්‍රියාකලාපය බලපෑවා සහ බලපානවා.

      ඔව්, හැම දෙනාම ඒ ගැට වලට අහු වුණේ නෑ. එහෙම වුණා නම් කළු ජූලියේදී සිංහල සමාජය දෙමළ මිනිස්සු බේරග්නෙත් දිගන දි මුස්ලිම් මිනිස්සු බේරගන්නෙත් නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ අර කියපු සුළුතර දේශපාලකයන්ගේ ගැටවලට ලංකාවේ බහුතර සමාජය අහුවෙලා තියන එක. මෑත කාලයේ උදාහරණ විදියට අර කෝවිලේ අර්බුදය, ඒ වගේම අවුරුදු ගාණක් තිස්සෙ ඇදෙන දෙමළ තරුණයන් කිහිප දෙනෙක් හමුදා සෙබළු කිහිප දෙනෙක් ඝාතනය කිරීම වගේ ගැටළු අරගන බහුතර සමාජ මතය බලන්න. බහුතර සිංහල සමාජයට තවමත් දෙමළ කතා කරන සමාජය කියන්නෙ කොටි ත්‍රස්තවාදීන්, සිංහල සමාජය නැති කරන්න මාන බලන පිරිසක්. අන්න ඒ හැඟීම සහ සැකයයි අර බෙදීමේ ප්‍රතිඵලය. දෙමළ කතා කරන බහුතරයක් පවා ඉන්න යාපනයේත් නාම පුවරුවක මුලින් තියෙන්නෙ දෙමළ භාෂාව වෙන එක රටට ද්‍රෝහී වීමක් විදියටත් රට වෙන් කරන්න සූදානම් වීමක් වශයෙනුත් බහුතර සිංහල සමාජය දකිනවා, අන්න ඒකයි ගැටළුව. අර බෙදීම විසින් ඇති කරපු ඔය මානසිකත්වයයි ගැටළුව.

      හංදියේ කඩේ ඉන්න නානා බෝම්බකාරයෙක් කියලා හිතලා නානාගෙ කඩේ ගිනි තියන්න යන එකයි ගැටළුව. මිනුවන්ගොඩ අහිංසක වයසක මනුස්සයෙක්ව මැරුවා. ඒ ගැන බහුතර සිංහල සමාජය මුණිවත රකින එකයි ගැටළුව. ඒකයි බෙදීම. නැතුව යාළුවො නැති එක නෙවෙයි.

      අර ප්‍රශ්නෙ අහපු ළමයට දෙමළ යාළුවෙක් නැති එක නෙවෙයි ඇත්තටම ප්‍රශ්නෙ. දෙමළ හෝ මුස්ලිම් යාළුවෙක් හිටියත් ඒ යාළුවා දිහා බලන්නෙ සැකයෙන් නම් ඒ යාළුවාව කොටියෙක් IS කාරයෙක් කියලා සැක කරනවනම් අන්න එතනයි ප්‍රශ්නෙ තියෙන්නෙ, එතනයි බෙදීම තියෙන්නෙ. මට යාළුවෙක් හොයලා දීපන් කියලා නෙවෙයි මේ කියන්නෙ මගෙ යාළුවා ගැන සැක කරන්න තරම් මානසිකත්වයක් හදලා මගේ යාළුවව මගෙන් වෙන් කලේ ඇයි කියලයි මේ අහන්නෙ? ඒකයි ප්‍රශ්නෙ.

      ඔයා ඉදිරිපත් කරන තර්කය ඇත්තටම හොඳයි. එක මට්ටමකදි ඒක ඇත්තටම හරි. ඒත් මගෙ ප්‍රශ්නෙ වෙනස්. මං කියන කතාව වෙන එකක්. ඒකයි මං කිව්වෙ එක කොටසක් නොදැක සම්පූර්ණ චිත්‍රයම දකින්න කියලා. Try කරලා බලන්න. ප්‍රශ්නෙක එක කොටසක දිහා බලාගෙන ප්‍රශ්නෙට උත්තර හොයන්න බෑ. සම්පූර්ණ ගැටළුවත් ඒකෙ මූලයත් දකින්න. එතකොට සමහරවිට පුළුවන් වෙයි.

      Delete
    4. 1. මෙතැනදී සුළුතර දේශපාලකයන්ගේ ගැටවලට ලංකාවේ බහුතර සමාජය අහුවෙලා නැහැ. ඒ අදහස වැරදියි. ලංකාවේ බහුතරයක් දෙනා මේ දේ කරන්නේ නැහැ. බොහොම සුළුතරයක් විතරයි. බහුතරය අහුවෙලා නං දිගන කේස් එකේදී මුළු ලංකාවේම මුස්ලිමුන්ට පහර දෙන්න තිබුන.
      මේ ඇතිවුණු සිද්ධි ගැන බහුතර සිංහල සමාජය මුණිවත රකින එක (න්‍යායානුකුලව) ගැටළුවක් තමයි. නමුත් මේ ලෝකේ කොහෙද ඔයවැනි සිද්ධියකට බහුතරය කතාකලේ. බහුතරය කතා කරන්නේ බහුතරයට ප්‍රශ්නයක් ඇතිඋන විටදී පමණයි.
      යාපනයේත් නාම පුවරුව ප්‍රශ්නේ වීරවංශයි ගම්මන්පිලයි නේ කියන්නේ. ඔබ කියන්නේ ලංකාවේ බහුතරය ඒ දෙන්න කියන දේ අහනවා කියලද? එහෙම නං ඒ දෙන්නට අඩු ගානෙ ජනාධිපති චන්දෙට ඇවිල්ල දිනන්න පුළුවන් නේ.
      මම අයෙත් කියන්නේ සුළුතර දේශපාලකයන්ගේ ගැටවලට ලංකාවේ බහුතර සමාජය අහුවෙලා නැහැ..


      2. කිසිම ට්‍රයි එකක් නොදී මට මේක නැහැ කියන එක සම්පුර්ණයෙන්ම වැරදියි. මෙන්න මෙතන නං ප්‍රශ්නයක් තියෙනවා. හැමදේම තමාට නිකං ලැබෙනකන් බලාගෙන ඉන්න පුරුද්ද . අන්න ඒක නැති කර ගන්න ඕනේ.
      මේ ළමය කියන්නෙත් මට යාලුවෙක් දියං කියල මිසක් මගේ යාළුවව මගෙන් වෙන් කලේ ඇයි කියල නෙවෙයි. (වෙන් කරන්න මුලින්ම එයාට යාලුවෙක් ඉන්න එපැයි ). ඒ ළමයට හොඳින් අදහස් ප්‍රකාශ කරන්නට පුළුවන්. ඔබ කියන ' මං කියන කතාව වෙන එකක්' දේ නං හරියටම හරි. ඔබ මේ ඔබගේ ප්‍රශ්නයක් කතා කරනවා මේ කේස් එක උඩින් දාල. මම එහෙම කිව්වම හරිනේ. පාට කන්නාඩිය ගැලෙව්වම ඔබට නියම ප්‍රශ්නේ වැටහේවි.

      Delete
    5. බහුතර සමාජය අහුවෙලා තියන විදිය මං මෙහෙම කියන්නම්. අපි කියමු යහපත් ගතිගුණ තියන සහෝදරයො දෙන්නෙක් ඉන්නවා සහ දෙන්නා විරසක වෙනවා කියලා. දැන් මේ දෙන්නා එකිනෙකා එක්ක ගේමෙන් හිටියට මන්නා පිහි අරගන කපාගන්න යන්නෙ නෑ. හිතේ තරහ තියනවා සහ හීන් නූලෙන් කැපිල්ල දානවා. දැන් මේ දෙන්නා එකටද ඉන්නෙ? නෑ වෙන් වෙලා ඉන්නෙ. සමහර විට පිට ඉඳන් බලන එකෙක්ට එහෙම දෙයක් නොපෙනෙන්නත් පුළුවන්. හැබැයි මේ දෙන්නගෙ සාමය/යුද්ධය තියෙන්නෙ edge එකේ. මෙතන වෙලා තියෙන්නෙත් එහෙම දෙයක්.

      මං ඔයාගෙ තර්කෙට partly එකඟයි. හැමෝම කඩු කිණිසි අරන් දෙමළ-මුස්ලිම් මිනිහව කපන්න යන්නෙ නෑ. මං කතා කරන්නෙ දෙමළ-මුස්ලිම් මිනිහා දිහා වපර ඇහෙන් බලන මානසිකත්වය ගැන. කඩු අරන් කොටන්න නොගියට මිනිස්සු මහ පරිමාණ වශයෙන් එක් ජාතියකට අයත් ව්‍යාපාර වර්ජනය කරන්න ගත්තා. මගෙ සමහර යාළුවො මුස්ලිම් කඩවලින් කෑම ගන්නෙ නැති නිසා මුස්ලිම් බහුතරයක් ඉන්න පැති වල කිලෝමීටර් ගණන් සිංහල කඩ හොයාගන ඇවිදින්න මට සිද්ධවෙලා තිතනවා. මං කතා කරන්නෙ ඒ ගැන. දිගන ගැටළුව වෙලාවෙ මං ජීවත්වෙන ප්‍රදේශයේ සමහරු කඩු හදාගෙන ඇවිත් ගෙවල්වල තියාගත්තා. ඒ හැමෝම හිටියෙ කොතනින් හරි ගිනි පුපුරක් නඟිනකම්. මේක ම මුස්ලිම් සමාජයත් කරන්න ඇති. මං කතා කරන්නෙ ඒ ගැන. සිංහල හැමෝම ජාතිවාදීන් නොවෙනවා වගේම දෙමළ-මුස්ලිම් හැම දෙනාමත් ජාතිවාදීන් හෝ ත්‍රස්තවාදීන් නොවෙන බව කිව්වම ඔයා ඔය කියන ගැටවලට අහු නොවුණ තව මිනිහෙක් මරන්න හිතන්නෙ නැති මිනිස්සු පවා ඒ කියපු කෙනාව කොටියෙක්, හම්බයෙක් හෝ දේශද්‍රෝහී NGO කාරයෙක් විදියට හංවඩු ගහන අවස්ථා අප්‍රමාණයි. මං කතාකරන්නෙ මිනිස්සුන්ගෙ හිතේ තියන අන්න ඒ බෙදුණ මානසිකත්වය ගැන. මං පෞද්ගලිකව දන්න සිංහල කෙනෙක් තමන් එකට බියර් එක ගහන හොඳම යාළුවෙක් වුණ මුස්ලිම් යාළුවෙක්ගෙ විවාහය උත්සවයට ගියේ නෑ කෑමට වඳ බෙහෙත් දාලා දෙයි කියන බයට, අවිශ්වාසෙට. මං කතා කරන්නෙ අන්න ඒ අවිශ්වාසය සහ බෙදීම ගැන. ඔයා හිතනවනම් මේ මනසින් ඇතිවෙලා තියන බෙදීම තියෙන්නෙ ගම්මන්පිලලා වගේ ජාතිවාදී නායකයන්ගෙ සුළුතර ගෝල රොත්තක් අතර පමණයි කියලා, ඔයා ලංකාවේ බහුතර සිංහල සමාජයේ ඇතුලාන්තය සහ මානසික තත්වය ගැන අබ ඇටයක තරම දන්නෙ නෑ. උඩින් ගොඩක් දේවල් නොපෙනුණාට යටින් තියන සමහර දේවල් වෙනස්. ඔයා මං කියනවට සෝෂල් මීඩියා එකක පෝස්ට් එකක් දාලා, නැත්නම් පබ්ලික් තැනක කියලා බලන්න නිරායුධ මිනිස්සු කැති ගාපු සුනිල් රණවිරුවෙක් නෙවෙයි දඬුවම් ලැබිය යුතු මිනීමරුවෙක් කියලා. ඔයා ජාතිවාදී නෑ කියලා හිතන ඔයාගෙ හිතවතෙක්ට ඕක කියලා බලන්න මිනිහගෙ මූණ වෙනස් වෙන හැටි. ඔයා කියපු දේට විරුද්ධව සමහර විට වචනයක්වත් කියන එකක් නෑ. ඒත් අකමැත්ත මූණෙන් පෙනෙයි.

      මං මේ කියන්නෙ සුළුතර දේශපාලකයන්ගෙ ගැටවලට අහුවෙලා බහුතර සමාජය අන්ත ජාතිවාදීන් වෙලා කියලා නෙවෙයි. ඒ ගැටවලට අහුවෙලා බහුතර සමාජය බයවෙලා කියලා, අවිශ්වාසයෙන් පිරිලා කියලා. කවදාවත් මුස්ලිම් මනුස්සයෙක් තියා බල්ලෙක්ට ගලක්වත් ගහන්නෙ නැති හොඳ මනුස්සයෙක් කඩේකට ගිහින් එටිසලාට් සිම් පණහක් අරගන ගිනි තියන්න තරම් තමන්ගෙ අසල්වැසියට බයවෙලා සහ සැක කරනවා කියලා. මේකයි ප්‍රශ්නෙ. බෙදීම තියෙන්නෙ යකඩ වැටවල් වල හෝ කොන්ක්‍රීට් තාප්ප වල නෙවෙයි, මිනිස්සුන්ගෙ හිත්වල. සමාජයක් විදියට අපි අපේ අසල්වැසියා ගැන ඉන්නෙ බයෙන් සහ සැකෙන්. බෙදීම තියෙන්නෙ එතන.

      ආයෙත් හිතලා බලන්න බහුතර සමාජය දේශපාලකයන්ගෙ ගැටවලට අහුවෙලාද නැද්ද කියලා.

      ඔයා කතා කරන්නෙ එක ළමයෙක්ට දෙමළ යාළුවෙක් නැතිවෙන්න පොසිබල් එක හේතුවක් ගැන. මං එතනදි ඔයාට එකඟයි. මට වුණත් දෙමළ-මුස්ලිම් යාළුවො ඉන්නවා. මං මේ කතා කරන්නෙ සිංහල සමාජයට තමන්ගේ 'දෙමළ සමාජය' කියන යාළුවා ව නායකයන් විසින් වෙන් කරවපු එක ගැන. එහෙම යාළුවෙක් කලින් මේ සමාජයට හිටියා. දැන් ඒක නැතිවෙලා.

      මං කතා කලේ ඔයා කියපු ප්‍රශ්නය නෙවෙයි තමයි. ඒක එක අතකට පෞද්ගලිකයි. ඒ මාත් මේ රටේ ජීවත් වෙන නිසා. නැතුව මට සිංහල හැර වෙනත් භාෂාවක් කතා කරන යාළුවො නැති නිසා හෝ මේ ගැටළුව මතින් මට වෙනත් අරමුණක් ඉටු කරගන්න වුවමනා නිසා නෙවෙයි.

      Delete
    6. ඔබගේ තවදුරටත් කෙරුණු පැහැදිලිකෙරිම්වලින් හොඳින්ම ඒත්තු යන්නේ ඔබගේ පෞද්ගලික ප්‍රශ්නයක් රටේ ප්‍රශ්නයක් ලෙස වරදවාගෙන සිතීමයි. ලංකාව 'ඔබ පමණක්' හා 'ඔබේ යහළුවන් පමණක්' නොවෙනබව හැඟීගියදාට ඔබට තවත් බොහෝදේ තෙරුම්යාවී.
      ස්තුතියි.

      Delete
    7. ඔව්. දේශපාලකයන් රටේ ජනතාව එකිනෙකා හා භේද කරවමින් රට විනාශ කිරීම මට පෞද්ගලිකව ප්‍රශ්නයක්. ඒක හැමෝටම එහෙම දැනුණා නම් සමහර විට දේශපාලකයන්ගෙ ඒ සැලසුම් අසාර්ථක වෙන්න තිබුණා. ඒත් ඉතා බුද්ධිමත් ඔබ වැනි පුද්ගලයන් 'වතුර පිරෙන්නේ බෝට්ටුවේ මා සිටින පැත්තට නොවේ, උන් ගිලී මැරුණාවේ, උන් මැරෙන එක මගේ ගැටළුවක් නොවේ. බෝට්ටුව යනු උන් සිටින පැත්ත නොවේ. එය කාගේ හෝ පෞද්ගලික ගැටළුවක් පමණයි.' යැයි සිතීමයි අවාසනාව. කුහකයන්ගේ ගති සොබාව එහෙමයි.

      තව දෙයක්. මා වග කියන්නේ මා කියනා දේ ගැන පමණයි. කියනා දේ එලෙසින් පිළි ගැනීමට හා අවබෝධ කර ගැන්මට මැලි වෙමින්, තමන්ගේ මානසික හිතළු මගේ මතය බව දක්වන්නට උත්සාහ කළාට එලක් නෑ. උදාහරණයක් මඟින් යම් ගැටළුවක් පැහැදිලි කළහම, ගැටළුව වෙන්නෙ උදාහරණය යැයි සිතන බුද්ධිමතුන් මානසික හිතළු ඇර වෙන මොනවා කියවන්නද එක අතකට? කෙනෙක් හඳ පෙන්නුවම පෙන්නපු එකාගෙ ඇඟිල්ලක් දිහා බලාගෙන 'ඔය ඇඟිල්ල හඳ නෙවෙයි' කිය කියා මරු විකල්ලෙන් කියවනවා මිසක් පෙන්නන හඳ දිහා බලන්නෙ නෑ. ඔබ වැනි බුද්ධිමතෙක් සමඟ සංවාදයේ යෙදෙන්නට ලැබීම සතුටක්!

      Delete
  2. ඔබගේ පිළිතුරට ස්තුතියි.
    එසේම මා ඔබට ලියයුතු පිළිතුරත් ඔබම ලිවිම ගැන බොහොම ස්තුතියි.

    මෙන්න එම පිළිතුර:
    මා වග කියන්නේ මා කියනා දේ ගැන පමණයි. කියනා දේ එලෙසින් පිළි ගැනීමට හා අවබෝධ කර ගැන්මට මැලි වෙමින්, තමන්ගේ මානසික හිතළු මගේ මතය බව දක්වන්නට උත්සාහ කළාට එලක් නෑ. උදාහරණයක් මඟින් යම් ගැටළුවක් පැහැදිලි කළහම, ගැටළුව වෙන්නෙ උදාහරණය යැයි සිතන බුද්ධිමතුන් මානසික හිතළු ඇර වෙන මොනවා කියවන්නද එක අතකට? කෙනෙක් හඳ පෙන්නුවම පෙන්නපු එකාගෙ ඇඟිල්ලක් දිහා බලාගෙන 'ඔය ඇඟිල්ල හඳ නෙවෙයි' කිය කියා මරු විකල්ලෙන් කියවනවා මිසක් පෙන්නන හඳ දිහා බලන්නෙ නෑ. ඔබ වැනි බුද්ධිමතෙක් සමඟ සංවාදයේ යෙදෙන්නට ලැබීම සතුටක්!

    ReplyDelete
    Replies
    1. සමහර මුග්ධයන් තමන්ගේ කුහකකමේ අන්තයකට ඇවිත් අනවබෝධයේ ගිලුණයින් පස්සෙ කර කියාගන්න දෙයක් නැති වුණාම අනිත් මිනිස්සුත් තමන් වගේ කියලා හිතනවා. සමාජයේ තියන ගැටළු දකින්න සමාජයේ ජීවත් විය යුතුයිනෙ, ඉබි කට්ටක් ඇතුලෙ ඉද්දි ඔය මුග්ධකම ඇරෙන්න වෙන දෙයක් තියෙන්න විදියක් නෑ. ජය!

      Delete
    2. සඳකැලුම් ඔබගේ කතාව නං හරියටමහරි.

      "සමහර මුග්ධයන් තමන්ගේ කුහකකමේ අන්තයකට ඇවිත් අනවබෝධයේ ගිලුණයින් පස්සෙ කර කියාගන්න දෙයක් නැති වුණාම අනිත් මිනිස්සුත් තමන් වගේ කියලා හිතනවා. සමාජයේ තියන ගැටළු දකින්න සමාජයේ ජීවත් විය යුතුයිනෙ, ඉබි කට්ටක් ඇතුලෙ ඉද්දි ඔය මුග්ධකම ඇරෙන්න වෙන දෙයක් තියෙන්න විදියක් නෑ. ජය!"

      මුලින්ම ලිපිය නැවත කියවන්න. දැන් මේ සංවාදෙ මුල ඉඳලම කියවගෙන යන්න.
      එතකොට යම් බුද්ධියක් තිබෙනං පැහැදිලිවේවි ඔබගේ තත්වේ. ඔබ තමා අනිත් මිනිස්සුත් තමන් වගේ කියල හිතන්නේ. ළමයට තිබුනේ එක ප්‍රශ්නයක්. ඒක ඔබට ඕනේ විධියට අර්ථකථනය කරලා, ඒ ප්‍රශ්නේ අනිත් හැමෝටම එලෙසම තිබේ කියා කියන්නේ ඔබමයි. මට ඔබගේ මේ පිලිතුරටත් කියන්න තියෙන්නේ ඔබ ඔබගේ නියම ස්වභාවය, ඔබම කියන ආකාරයට 'මුග්ධකම' මෙයින් ඉතා පැහැදිලිවම පෙන්වා දී ඇති බවයි.

      Delete
    3. 'ළමයට තියන ප්‍රශ්නෙ' ලංකාවේ හැමෝටම හෝ සිංහල සමාජයේ හැමෝටම තියනවා කියලා මං කියපු තැන පොඩ්ඩක් පෙන්නන්න.

      ඕක තමයි මං කිව්වෙ මුලින් පැන්සල් ඉරක් දිහා බලාගන කියවන්න එපා කියලා, 'ප්‍රශ්නෙ' කියන්නෙ මං ඒක පැහැදිලි කරන්න දෙන උදාහරණය කියලා ඔබතුමා/තුමිය හිතනවා කියලා කිව්වෙත් ඒකයි. ඔයා මුල ඉඳන්ම උත්තර දුන්නෙ අර ළමයට දෙමළ යාළුවෙක් නැති එකයි මං ඉදිරිපත් කරපු ගැටළුව සහ මේ ආටිකල් එක වගේම මං කතා කරන්නෙ ඒක ගැනයි කියලා හිතාගන. ඔයා මේ ආටිකල් එකට දාපු පළවෙනි කමෙන්ට් එක බලන්න. ඔයා උත්තර දීලා තියෙන්නෙ උදාහරණෙට මිසක් මං ආටිකල් එකෙන් කතා කරපු ප්‍රශ්නෙට නෙවෙයි. පැන්සල් ඉර අමතක කරලා චිත්‍රය දිහා පොඩ්ඩක් බලන්න කිව්වෙ ඒකයි. තාමත් බැලුවෙ නෑනෙ.

      ඔය ළමයගෙ කතාව මං කිව්වෙ උදාහරණයක් විදියට. ඒ, ඒ ළමයා අහපු සරල ප්‍රශ්නෙ ඇතුලෙ තියන සහ ඒකෙන් අපිට යොමුවිය හැකි වඩාත් සංකීර්ණ ගැටළුවක් ගැන අවධානය යොමු කරන්න. ආටිකල් එකේ දෙවෙනි භාගයේ කියලා තියෙන්නෙ ඒ ගැන. ළමයාගෙ ගැටළුත් ඒකට ලැබුණු ප්‍රතිචාර ගැනත් කියන්න අනිත් හේතුව මේ සමාජයේ ළමයින්ව surpress කරන්න කරන උත්සාහය ගැන කියන එක. ආයෙත් කියවලා බලන්න. ඒ ළමයට දෙමළ යාළුවෙක් නැති වෙන එක ගැටළුවේ පොසිබල් රෝග ලක්ෂණයක් මිස ගැටළුව ඒක නෙවෙයි. ඒ ළමයට තියන ගැටළුව රටේ හැමෝටම තියා මටවත් නෑ. හැබැයි එකක්, පරම්පරා ගාණක ඉඳන් ජාතීන් අතර ඇතිවුණ බෙදීමක් රටේ තියනවා, ඔය රෝග ලක්ෂණ වල මූලය අන්න ඒක. රෝග ලක්ෂණ කීපයක් උදාහරණ වශයෙන් කිව්වෙ ඒක තේරුම් කරලා දෙන්න. නැතුව අයියෝ මෙන්න මෙහෙම ගැටළුවක් හැමෝටම තියනවා කියන්න නෙවෙයි.

      මං ළමයගෙ ගැටළුවට, ඒ කියන්නෙ මගෙ උදාහරණෙ සහ පාදක කතාවට, මේ රටේ ඇත්තටම පවතින ගැටළුව බලපාන්න හැකි පොසිබල් විදියක් ගැන පොඩ්ඩක් කියන්නම්. ඔය ළමයට වුවමනාවක් තිබුණනම් දෙමළ යාළුවෙක් හොයාගන්න එක මහ අමාරු දෙයක් නෙවෙයිනෙ ඇත්තටම, ඔයත් ඒකමනෙ පළවෙනි කමෙන්ට් එකේ කිව්වෙ. සමහර විට ඔය ළමයට ඇමරිකන් යාළුවො පවා ඇති. ඒ කියන්නෙ දෙමළ යාළුවෙක් ඇති කරගන්න පැහැදිලිවම වුවමනාවක් තිබිලා නෑ, ඒත් ඒ ඇයි? හැබැයි දැන් ඔය ළමයගෙ ඔළුවෙ කුඩා කාලයේ ඉඳන්, 'දෙමළුන් යනු මිනීමරු ත්‍රස්තවාදීන් වේ' වගේ අදහසක් ඔළුවෙ පැලවෙලා තිබුණ නම් මොකද වෙන්නෙ? එහෙනම් ඒ ළමයා පොඩි කාලේ ඉඳන් බියක් සහ පිළිකුලක් දක්වනවා දෙමළ කතා කරන සමාජය සම්බන්ධව. ඵලය, ඒ ළමයට දෙමළ යාළුවෙක් ඇතිකරගන්න වුවමනාවක් නැති වෙනවා. දෙමළ සමාජය මේ දරුවගෙ මනසට දුරස්ථයි. රෝග මූලය තියෙන්නෙ එතන. ඔයාගෙ අර පාන් ගෙඩි කතාවට පාන් ගෙඩියෙන්ම උදාහරණයක් දීලා මං පැහැදිලි කලේ ඒක. ඔයාට උදාහරණෙ තේරුණෙ නෑ මං හිතන්නෙ, ඒ නිසයි දැන් කෙලින්ම කිව්වෙ.

      ඒ හැමදේම තේරිලත්, මේ සමාජයේ ජීවත් වෙනවනම්, අඩුම ගානේ නිදහසට පෙර සමයේ ඉඳන් සිදු වුණ ආගමික දේශපාලනික ඉතිහාසය ගැන කියවලාවත් තියනවනම්, බහුතර මධ්‍යම පාන්තිකයාව ඇසුරු කරනවනම්, පත්තරයක් කියවනවනම් තමන්ගෙ ඇස් ඉස්සරහ තියන දේ නොපෙනෙන්න හැකියාවක් නෑ. ඒ නිසයි කිව්වෙ ඒක තමුන්ගේ මුග්ධකම (Ignorance) කියලා.

      ආටිකල් එකේ මතු කරපු ගැටළු දෙකින් එකකටවත් නැතුව පාදක කතාව වුණ උදාහරණයට උත්තර දීලා ඒකයි ගැටළුව කියලා හිතන්න තරම් අනවබෝධයක් මනුස්සයෙක්ට තියෙන්න විදියක් නෑ මං හිතන්නෙ. ඒක එහෙමම නම් මට ඇත්තටම කණගාටුයි. එහෙම වෙලත් මං මේ දිගින් දිගට උත්තර දුන්නෙ මගේ ගැටළුවක් රටේ හැමෝගෙම ගැටළුවක් කියලා හිතනවා වගේ පදනමක් නැති මනස්ගාත කියවන ඔබතුමා/තුමිය වල්ගෙ පාගාගෙන බව නොදැනවත්, කුහකකම නිසා බොරුවට නිදි රඟපාන මනුස්සයෙක් අවදි කරන්න බැරි බව නොදැනවත් නෙවෙයි. මේක කියවන අනිත් අයට මේක තව තවත් පැහැදිලි කරන්න මට වුවමනා නිසා.

      Delete
    4. ඔබගේ දෙයක් කියවා එය තේරුම්ගැනීමේ හැකියාව අඩු කමට අනුකම්පා කරමි.

      මා කීවේ 'ළමයට තිබුනේ එක ප්‍රශ්නයක්. ඒක ඔබට ඕනේ විධියට අර්ථකථනය කරලා, ඒ ප්‍රශ්නේ අනිත් හැමෝටම එලෙසම තිබේ කියා කියන්නේ ඔබමයි.' බවයි.

      Delete
    5. මං ළමයගෙ ගැටළුව මට උවමනා විදියට අර්ථකතනය කරලා නෑ. ළමයාගෙ ගැටළුව තුලින් අපිට දැකිය හැකි සංකීර්ණ සමාජ ගැටළුවක් ගැන කතා කරන්න ඒ කතාව පාදක කර ගත්තා පමණයි. කලින් කමෙන්ට් එකෙන් මේක උදාහරණයක් සහ පෙනෙන සරල දේට වඩා ගැඹුරු යමක් දැකීමට යොදාගත් පාදක කතාවක් පමණයි කියලා පැහැදිලි කරෙත් ඒක.

      ඔයා කියනවනම් මං පාදක කතාව තුලින් මතු කරපු සමාජ ගැටළුව ඇත්තටම නොපවතිනවා කියලා, මං ඒකටත් කලින් කමෙන්ට් එකේම උත්තර දුන්නා.

      ඉතින්, ඔබගේ දෙයක් කියවා එය තේරුම්ගැනීමේ හැකියාව අඩුකමට අනුකම්පා කරමි.

      Delete
  3. ඔබම ප්‍රශ්නයක් හදාගෙන, ඒක ජාතික ප්‍රශ්නයක්ය, සංකීර්ණ සමාජ ගැටළුවක් කියාගෙන තමන්ගේ මතය පිළිගත හැකි සාධක නැතුව ඔප්පු කරන්නට යනවා.

    ඒ වගේම ඔය ප්‍රශ්නෙන් බාහිරව ගිහින්, මධ්‍යස්තව බලා, ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියෙනවද, එහෙම ප්‍රශ්නයක් තිබේනන් මේ දේවල් තව කොපමණ බරපතළ වෙන්න ඕනෙද කියන එක ඔබට සලකා බලන්නට හිතෙන්නේ නැහැ. ඒකට ඔබේ මුග්ධකමට අමතරව නොදන්නාකම හෝ ආත්මාර්ථකාමීබවත් හේතුවක් කියා මම කියනවා. ඔබ සමහරක් විට පිට රටක වෙසෙනවා විය හැකියි. පුළුවන් විධියට පිටරටවලත් මෙවැනි තත්වයන් තියෙනවාද ඒවා කුමන ආකාරයේද කියල සොයා බලන්න.

    (කවුරුන් හෝ ඇතිකළ හෝ ඉබේ ඇතිවුණු) හිතේ සැකේ නිසා ඔබ මෙවැනි ගැටලුවක් ඇතැයි සිතුවාට, ඔබට කියන්න පුලුවන්ද සිංහලයන් සිංහලයන් අතරත් ( හෝ දෙමළුන් දෙමළුන් අතරත් හෝ මුස්ලිමුන් මුස්ලිමුන් අතරත්) මෙවැනි සැක නැති බවට. එතකොට මේක දේශපාලකයන් හෝ වෙනත් කවුරුන් හෝ ඇති කල එකක්ද, නැත්නම් තම තමන් විසින්ම ඇති කර ගත් එකක්ද කියා සැක හැර ඔබ කියන්නේ කොහොමද. ඔබට කැමති ප්‍රශ්නයක් හදාගෙන ඒක මහාද්වීප අතර ප්‍රශ්නයක්ය පවා කීමට 'නිදහස' තිබේ. නමුත් ඔබ එය සංඛ්‍යා ලේඛණ ආධාරයෙන් හෝ වෙනත් විද්‍යාත්මක ක්‍රමයකින් (human psychology වැනි ) දෙයකින් සාධාරණියකරණය කල යුතුයි. එහෙම නැත්තන් බොරැල්ලේ බස්ටෑන්ඩ්එකේ මිනිස්සු රෑට නිදාගන්න එකත් ජාතික ප්‍රශ්නයක් වේවි.

    ReplyDelete
  4. දැන් ඔබතුමා ඔය කියන්නෙ ලංකාවේ සිංහල - දෙමළ - මුස්ලිම් ජාතීන් අතර කිසිම ගැටළුවක් නෑ කියලනෙ. හරි. මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න.

    - ධර්මපාල ජාතිවාදය වැපිරුවෙ නැද්ද?

    - 1915 මුස්ලිම්-සිංහල ගැටුම් ඇති වුණේ නැද්ද?

    - 30 දශකයේ ජී.ජී. පොන්නම්බලම් - බණ්ඩාරනායක දෙමළ සහ සිංහල ජාතිවාදී අදහස් පැතිරුවේ නැද්ද?

    - 56 Sinhala only act එක ගෙනාවේ ඇයි?

    - 56 ගල් ඔය කෝලහාල ඇතිවුණේ ඇයි?

    - උතුරැ නැගෙනහිර පළාත් වල සිංහල ජනසංඛ්‍යාව වැඩි කිරීමේ අරමුණින් සිංහල ජනතාව එම පළාත්වල පදිංචි කරවන්න සිංහල දේශපාලන නායකයන් කටයුතු කළේ ඇයි?

    - 58 කෝලහාල ඇතිවුණේ ඇයි?

    - දෙමළ ජනතාවට තමන්ගෙ ගම් බිම් දාලා පලා යන්න සිද්ධ වුණේ ඇයි?

    - 70 දශකයේ දෙමළ ශිෂ්‍ය සංගමයක් ඇතිවුණේ ඇයි?

    - ඒකෙ සාමාජිකයො පස්සෙ කාලෙක TNT, LTTE, TELO වගේ සංවිධාන ඇති කර ගත්තේ ඇයි?

    - 74 දෙමළ සමුළුවට පොලීසියෙන් පහර දුන්නෙ ඇයි?

    - 77 කෝලහාල ඇතිවුණේ ඇයි?

    - 81 යාපන විශ්ව විද්‍යාලය විනාශ කලේ ඇයි? ඒකට දේශපාලකයො මූලික වුණේ ඇයි?

    - දෙමළ ජනතාවට රටින් පිටවෙන්න කියලා විජමු වගේ දේශපාලකයො කිව්වෙ ඇයි?

    - 83 කළු ජූලියක් ඇති වුණේ ඇයි?

    - LTTE සංවිධානය දස දහස් ගණනින් මුස්ලිම් ජනතාව උතුරෙන් පළවා හැරියේ ඇයි?

    - දෙමළ සමාජය වෙනම රාජ්‍යයක් ඉල්ලන තැනට පත් වුණේ ඇයි?

    - 2014 අළුත්ගම කෝලහාල ඇතිවුණේ ඇයි?

    - 2018 දිගන කෝලහාල ඇතිවුණේ ඇයි?

    - 2019 කෝලහාල ඇති වුණේ ඇයි?

    - මුස්ලිම් ව්‍යාපාර මහා පරිමාණයෙන් වර්ජනය කරන්න සිංහල සමාජය පෙළඹුණේ ඇයි?

    - සම්බන්ධන් විපක්ෂ නායක වෙනවට විරුද්ධ වුණ බහුතර සිංහල සමාජය මේ රටේ ජනාධිපති තනතුරට දෙමළ හෝ මුස්ලිම් මනුස්සයෙක් පත් වෙනවට කැමතිද?

    - මුස්ලිම් සමාජය තමන්ව වඳ කරන්න උත්සාහ කරනවා කියලා සිංහල සමාජය හිතන්න පෙළඹුණේ ඇයි?

    මේ හැම සිදුවීමක් ම එකිනෙකට කිසිම සම්බන්ධයක් නැති සිද්ධීන් කියලා හිතන්න තරම් ඔබතුමා/තුමිය මන්දබුද්ධික නම් එක්කො ඔයාගෙ වයස අවුරුදු 10ක් වෙන්න ඕන, නැත්නම් පොළොවෙ පය ගහලා ජීවත් නොවෙන ඒසී කාමරේකට වෙලා සිහින ලෝකෙක ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕන. ජාතීන් අතර ගැටළුවක් තියනවද නැද්ද බලන්න වෙන මොනවත් ඕන නෑ. පත්තරයක් කියවන්න, ටීවී එක බලන්න, ෆේස්බුක් ලොග් වෙන්න. ඒ ඇති. ජාතීන් අතර ගැටළුවක් නෑ කියලා ඒත් හිතෙනවනම් හිතලා බලන්න සිංහල සමාජයේ දහස් ගණනක පිරිසක් තවය් සිංහල පිරිසක් නිසා තමන් ජීවත් වුණ ප්‍රදේශයෙන් පලාගිය එක අවස්ථාවක් හෝ තියනවද කියලා. මට තියන ගැටළුව මෙච්චර කල් තමුන්නාන්සෙ ජීවත් වුණේ නිදාගනද කියන එකයි. ජීවිත කාලෙම කාමරයක් ඇතුලෙ හිරකරලා හිටපු මනුස්සයෙක් වගේ මෙච්චර අඳබාල කතා කියන මනුස්සයෙක් මං මේ දැක්කමයි. ජීවිතේට පොතක් පත්තරයක් කියවන්නෙ නැතුව තමන් ජීවත් වෙන රටේ ඉතිහාසය ගැන අබ ඇටයක්වත් නොදැන සිහින ලෝකෙක ජීවත් වුණහම ඔහොම වෙනවා.

    තමන්ට කිසිම පෞද්ගලික තරහක් නැති දෙමළ ගැබිණි කාන්තාවකගෙ බඩ පළලා මරපු සිංහල මිනිස්සුත්, තමන් අඳුනන්නේවත් නැති සිංහල යුවලක් පණපිටින් ගිනි තියපු දෙමළ මිනිස්සුත් හිටපු රටක් මේක. ඒකයි බොරැල්ල බස් ස්ටෑන්ඩ් එකේ රෑට නිදාගන්න එකයි සමානයි කියලා හිතන මන්දබුද්ධිකයෙක්ගෙන් මීට වඩා තේරුම්ගැනීමක් බලාපොරොත්තු වෙන මමයි ඇත්තටම වැරදි. I rest my case.

    ReplyDelete
    Replies
    1. you started this. so it is unfair to just run away when you are loosing.

      OK,
      බොහොම ස්තුතියි වෙහෙස වෙලා ලොකු ලැයිස්තුවක් ඉදිරිපත් කිරීම ගැන
      ඔය ලයිස්තුවේ තියෙන්නේ සුළු කණ්ඩායමක් විසින් කළ අපරාධ මිසක් බහුතර සිංහලයන් හෝ බහුතර දෙමළුන් හෝ බහුතර මුස්ලිමුන් සැකය නිසා කළ දේවල් නොවේ.
      ඔය ලැයිස්තුවට 1971, 1987-88 වගේ කාල වල ලංකාවේ ඇතිවුණු සිද්ධි එකතු කලොත් ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු ලැබේවි.

      මා කිසිවිට ගැටලුවක් නැති කීවේ නෑ. මම වහදිලිව කියන්නේ මෙතන ඔබ කියන තරම් ලොකු සංකීර්ණ සමාජ ගැටළුවක් නැති බවයි. ඒක වත් ඔබට නොතේරීම ගැන මම කණගාටු වෙනවා.


      ලංකාවේ ඔච්චර ලොකු සංකීර්ණ සමාජ ගැටළුවක් තිබෙනවනං, ලංකාවේ හෝ ලෝකයේ වෙන කොහේ හරි ඉන්න සමාජ විද්‍යාඥයෙක් කිසිම research එකක් කරලා තියෙනවද මේක ගැන.
      අඩුම ගානේ තමුන් වත් valid research කරලා තිබේ නං ලංකාවේ ඉන්න අංක එකේ සමාජ විද්‍යාඥයා විය හැකියි. (ඔබේ facebook මිත්‍රයන් පමණක් කියන දේ මෙයට අදාළ නැත. statistically valid sample එකක් අවශ්‍යයි.)
      එසේ කිසි දෙයක් පෙනෙන්නට නැති නිසා තමුන් බාගෙට අධ්‍යාපනයක් ලැබූ පොළොවේ පය ගහල නැති පොල් බුරුවෙක් විය යුතුයි

      එමනිසා බොහොම කරුණාවෙන් ඔබට කියන්නේ ;
      1 කෙසේ හෝ හරි හමං අධ්‍යාපනයක් ලබාගන්න
      2. හැමදේටම සැකය මුල්කරගෙන ක්‍රියා කිරීම මානසික රෝගයකි. එනිසා හොඳ වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ගන්න.
      3. පත්තරේ , TV එකේ සහ fecebook එකේ ඇති සියල්ල පරම සත්‍යය යයි විස්වාශ නොකරන්න. පොඩ්ඩක් හිතාබලා අවශ්‍යනං ගවේෂණය කරන්න.



      Delete
  5. සුළු කණ්ඩායමක් විසින් කළ අපරාධ? රටේ හිටපු එක් පිරිසක් තමන්ගෙ අසල්වැසියන්ව සමූල ඝාතනය කරන්න උත්සාහ දරපු එක සුළු කණ්ඩායමක් විසින් කළ අපරාධයක් කියලා හිතන මන්දබුද්ධික තමුන්නාන්සෙ එක්ක මට මොන සංවාදද? 😂😂 මං ඔය සඳහන් කළ සිද්ධීන් ගැන කියවලවත් බලන්න. ඒවා සුළු කණ්ඩායම් විසින් කළ අපාරධ ද නැද්ද කියලා වැටහෙයි.

    ලංකාවේ එච්චර ලොකු ගැටළුවක් තිබුණද තාමත් තියනවද නැද්ද කියලා දැනගන්න මේ සමාජයේ ජීවත් වෙන එකම ඇති. තමුන්නාන්සෙගෙ හීන ලෝකෙ එහෙම ගැටළුවක් නැතුව ඇති. මේ රටේ සමහර මිනිස්සු මේ ජාතීන් අතර ගැටළුවලට පිළිතුරු හොයන්න බෙදීම නැති කරන්න විසඳුම් හොයන අතරේ ඔබතුමා/තුමිය වගේ අඳ බාලයන් එහෙම දේවල් තියනවද නැද්ද කියලවත් නොදැන ඉන්නවා. ලංකාවේ ඉතිහාසය ගැන හොඳට කියවලා බලන්න. ඔව් කරුණාකරලා හරිහමන් අධ්‍යාපනයක් ලබාගන්න. දේශපාලනික විප්ලවයකත් තමන්ගේ අසල්වැසියා වෙනත් ජාතිකයකු වීම නිසා මරා දැමීමත් එකක් නොවෙන බව සමහර විට වැටහෙයි. රජයට විරුද්ධව කරන අවි ගත් විප්ලවයකත් පාරෙ යන නිරායුධ මිනිහෙක්ව බෞද්ධ ගාථාවක් කියන්න නොහැකි වුණ පමණින් මරලා දාපු එකත් දෙකක් බව වැටහෙයි.

    ඔව් කරුණාකරලා ගවේෂණයක යෙදෙන්න. කළු ජූලියට මුහුණ දීපු දෙමළ මනුස්සයෙක් මුණ ගැහිලා පොඩ්ඩක් කතා කරන්න. ගැටළුවක් තියනවද නැද්ද දැනගන්න සමාජ විද්‍යාඥයෙක් නුවුවමනා බව තමුන්නාන්සෙට කියලා දෙයි. රටෙන් බාගයක් ගිනි ගත්තෙ ගැටළුවක් තිබුණ නිසා බව කියලා දෙයි.

    වෙන මොනවත් ඕන නෑ මේ රටේ ජනාධිපති හෝ අගමැති තනතුරට මුස්ලිම් හෝ දමිළ ජාතිකයෙක් පත් වෙනවට කැමති සිංහල මිනිස්සු කී දෙනෙක් ඉන්නවද කියලා හොයලා බලන්න.

    තමන් කුඩා කාලයේදී සිංහල අසල්වැසියන්ට බයෙන් ගම් බිම් අතෑරලා ගිය කොල්ලෙක් පසු කාලයක ත්‍රස්තවාදී නායකයෙක් බවට පත් වුණේ කොහොමද කියලා හොයලා බලන්න. ඔව් කරුණාකරලා මානසික වෛද්‍යවරයෙක් මුණ ගැහිලා බේත් ටිකක් ගන්න. තමන් ජීවත් වෙන සමාජය ගැන මෙලෝ අලබෝලයක් නොදැන උටෝපියාවක ජීවත් වෙන එකත් ලෙඩක්.

    I'm nor losing or running. I'm just too busy to listen to your level of stupidity. But yeah it was fun. So thank you! It was good to know that retards like yourself exist. Happy dreaming!

    ReplyDelete
  6. තමන් ජීවත් වෙන සමාජය ගැන මෙලෝ අලබෝලයක් නොදැන උටෝපියාවක ජීවත් වෙන එකත් ලෙඩක්. That applied perfectly to you. Good job explaining and exposing yourself.

    Please don't be a retard. Just come to the proper topic and answer.

    "ඔව් කරුණාකරලා ගවේෂණයක යෙදෙන්න.

    Why can't you do it. You are the one who raised the point. Go do a research and show that there is a 'Real' national problem.

    කළු ජූලියට මුහුණ දීපු දෙමළ මනුස්සයෙක් මුණ ගැහිලා පොඩ්ඩක් කතා කරන්න. ගැටළුවක් තියනවද නැද්ද දැනගන්න සමාජ විද්‍යාඥයෙක් නුවුවමනා බව තමුන්නාන්සෙට කියලා දෙයි"
    I don't need any other දෙමළ මනුස්සයෙක් to talk about the bloody Black July. I myself have first hand experience. What do you have?. Just bits collected from here and there?. Do you have anything credible to show?. Nothing!. Just here say!

    You didn't and CANNOT give me any answer but trying hard to emphasize what you have in your dreams and to prove it using utter nonsense. Give some scientific examples backed by statistics. These "kopi kade' talks and tactics will not prove anything.
    Half educated buggers like you can only make a fine පොල් බුරුවෙක්.

    Just shut up and go to bed.
    Dream about the next ලොකු සංකීර්ණ සමාජ ගැටළුවක්. Ha Ha.

    ReplyDelete
  7. By the way. Thank you Sandakelum for doing this for us.

    https://www.thesun.co.uk/news/10287488/yob-firework-bum-kicked-out-family-home/

    You are too smart for this world!

    ReplyDelete

Post a Comment