දේශපාලන අනාථයා, දේශපාලකයා සහ ජනතා විප්ලවය

හරි, දැන් විවිධ හේතූන් නිසා යම් නිශ්චිත පක්ෂයකට හෝ කඳවුරකට සහය නොදක්වන පාවෙන ඡන්දයක් හෙවත් දේශපාලන අනාථයෙක් බිහි වෙනවා. ඒ වගේම ඒ අවස්ථාවේ දී දූෂිත දේශපාලන ක්‍රමයකට විරුද්ධව නිහඬව සිටීම පමණක් ප්‍රමාණවත් නොවන වග, එනම් වගකීම් සහගත සංස්කෘතික පුරවැසියා දේශපාලනිකව සක්‍රීය විය යුතු වග අවබෝධ කරගත යුතු යි. මෙතනදි අපිට ගැටළුවක් ඇති වෙනවා. මොකද අපි දේශපාලනය වශයෙන් මූලිකව හඳුනාගන්නේ පක්ෂ දේශපාලනය සහ පුද්ගල වන්දනාව. නමුත් එතනින් පිටත් දේශපාලනය පවතින බවත්, දේශපාලනිකව සක්‍රීය වීම කියන්නෙ ඡන්දය භාවිතා කිරීම පමණක් නොවන වගත් අපි තේරුම් ගත යුතු වෙනවා.

අප විසින් ඡන්දය ලබා දී, අප විසින් වැටුප් ගෙවා පත් කරගන්නා දේශපාලන නියෝජිතයන් තමන්ගේ රාජකාරිය, සේවය නිවැරදිව ඉටු නොකරනවා නම් අපිට ගන්න තියන පියවර කුමක් ද?

සරලම ෆැන්ටසි කතාව තමයි පොරොන්දු රකින, රාජකාරිය නිවැරදිව ඉටු කරන විරුද්ධ දේශපාලන බලවේගයක් බලයට පත් කරන එක. අපි ඒ පිළිවෙත වසර 70කට අධික කාලයක සිට පවත්වාගන යනවා. වර්තමානය වෙද්දි අපි ඒකෙන් ඉගෙනගත් දේ වෙන්නෙ, පක්ෂය සහ පුද්ගලයන් වෙනස් වූවාට ඔවුන්ගේ ක්‍රියාකලාපය වෙනස් නොවෙන වග. හේතුව පක්ෂ දේශපාලන ඉණිමඟ සහ සමස්ත ක්‍රියාවලිය දූෂිත වීමත්, එය සකසා ඇත්තේ ම දූෂකයන් සහ කුහකයන් නිර්මාණය කිරීම සඳහා වීමත්. මේ පාලකයන් සංවර්ධනය හා ආගම, ජාතිය වැනි සංවේදී කාරණා සම්බන්ධ ෆැන්ටසියක් මවා පෙන්වමින් ජනතාව රවටා තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්නවා. තවත් හේතුවක් වෙන්නෙ,

‘දේශපාලකයා යනු සමාජයේ හරස් කඩක්.’ යන කාරණය. බෝල පාස් කරන සෙල්ලමේ දී අපි මේ කතාව මඟ අරිනවා. දේශපාලකයා බිහි වෙන්නෙ සමාජය තුලින්, පක්ෂ දේශපාලනයේ දූෂිත ක්‍රමය නිර්මාණය වෙන්නෙ සමාජ ක්‍රමය මඟින්. දූෂිත දේශපාලකයෙක් බිහි වෙන්නෙ දූෂිත සමාජයක් තුලින්. යහපත් සමාජයක් තුලින් නෙවෙයි.

ඒක එහෙම වෙද්දි දේශපාලකයා සිය රාජකාරිය නිවැරදි ලෙස ඉටු නොකරනවා නම් අර ෆැන්ටසි විසඳුම හෝ විකල්ප විසඳුමකට යොමු වෙන්නට පෙර, අප විසින් අපව ප්‍රශ්න කිරීමකට ලක් කළ යුතු වෙනවා.

අපේ සමාජ හැසිරීම කුමක්ද? දේශපාලන භාවිතාව කුමක්ද? අපේ ආකල්ප මොනවාද? අපිට රට හදන්න වුවමනාවක්, අපේ අනාගත පරපුර සඳහා යහපත් සමාජයක් රටක් ඉතිරිකර යෑමේ වුවමනාවක් තියනවද? නැත්නම් අපිට වුවමනා මම සහ මගේ පවුල දියුණු වෙනවා දකින්නද? අපිට දූෂණය සහ වංචාව නවත්තන්න වුවමනයි ද? නැත්නම් අපිට තියන අවුල වෙන්නෙ උන් හොරා කන එක නෙවෙයි, ඒ හොරා කන දේ අපිත් සමඟ බෙදා නොගැනීමේ සිත් තැවුලක් ද?

ඒ ස්වයං විවේචනයෙන් අනතුරුව පිළිතුර යහපත් සමාජයක් සහ රටක් බිහි කරගැනීමේ අවශ්‍යතාව තමන් හට තිබීම නම්, අපිට දේශපාලකයා සහ දේශපාලනය වෙත යොමුවෙන ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. Alternative approach එකකට යන්න පුළුවන්.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුල ජනතාව විසින් තමා වෙනුවෙන් පත් කරන නියෝජිතයන් හට තාවකාලික බලයක් ලබා දී ඇති නමුත් ස්ථිර සහ වැඩි බලයක් තියෙන්නෙ ජනතාවට. පුරවැසියන් විසින් ඔවුන් තෝරාගත් නියෝජිතයන් කිහිප දෙනෙකු හරහා පාලනය කරනු ලබන රටක්. පාලකයාව පත් කරන්නේ, ඉවත් කරන්නේ, වැටුප් ලබා දෙන්නේ ජනතාව.

වර්තමානය වෙද්දි දේශපාලකයා හිතනවා තමන් වැඩවසම් රජ කෙනෙක් හෝ රදලයෙක් බවත් රටේ පාලනය සහ සැප සම්පත් තමන් හට උරුමයි කියලත්. අවාසනාවට තමන්ගේ බලය තේරුම් නොගන්නා මහ ජනතාව දේශපාලකයා ගැන හිතාගන ඉන්නෙත් එහෙම.

කලිනුත් කිව්වා වගේ ජනතාව වැරදි මතයක ඉන්නවා තමන්ට බලය තියෙන්නෙ සහ දේශපාලනිකව සක්‍රීය වීමේ හැකියාව තියෙන්නෙ මැතිවරණයක ඡන්දය ලබා දීමේ දී පමණයි කියලා. නමුත් පුරවැසි බලය එතනින් අවසන් වෙන්නේ හෝ සීමා වෙන්නේ නෑ.

යෝජනාවක් සහ උදාහරණයක් වශයෙන් යම් කාරණයක් සම්බන්ධව රජය ට බල කිරීම සඳහා හෝ

විරෝධය පල කිරීම සඳහා වන ජනතා ව්‍යාපාර.

·        Occupy Wall Street

·        Black Lives Matter

·        The March for Our Lives

·        Nuit Debout (Up all night) Movement

·        Yellow West Movement

·        Milk Tea Alliance

මේ එවන් ජනතා ව්‍යාපාරයන් කිහිපයක්. යම් අරමුණක් දිනා ගැනීම සඳහා හෝ යම් ඒකාධිපති ආණ්ඩුවක් පලවා හැරීම සඳහා ජනතාව එකට එක් රැස් ව කටයුතු කරනවා. පා ගමන්, විරෝධතා රැලි, සමාජ ජාලා විරෝධතාවන්, මහජන චතුරශ්‍රයන් හෝ නගර සභා ශාලාවන් හි පවත්වන සාකච්ඡා, සම්මන්ත්‍රණ ආදිය සහ වෙනත් විරෝධය සහ අදහස් පළ කිරීමේ ක්‍රම භාවිතා කරමින් මෙම ව්‍යාපාරයන් ක්‍රියාත්මක වෙනවා. සමහර අවස්ථාවල නායකයන් ඇතුවත්, සමහර අවස්ථාවලදී නායකයන් නොමැතිවත්. ඒ වගේ ම කලහකාරී ලෙසත් සාමකාමී ව්‍යාපාරයන් ලෙසත්.

ජනතාව වෙත අයිතියක් සහ බලයක් තියෙනවා, තම අයිතීන් වෙනුවෙන් එකමුතු ව ඒ වෙනුවෙන් පෙනී සිටින්න. ඉල්ලීම් වලට ඇහුම්කන් නොදෙනවානම් ඒවා බලකර ඉල්ලා සිටීමේ අයිතියකුත් තියනවා. ප්‍රජාතාන්ත්‍රික සහ දියුණු ආකල්ප සහිත සමාජයක් ගොඩ නැඟීමට එකමුතුව කටයුතු කරන වගකීම් සහගත පුරවැසියන්ගේ ක්‍රියාකාරීත්වය වැදගත්.

දැන් ලංකාවට එද්දි අනෙකා සහ තමා වෙනුවෙන් මහ ජනතාව එකට එකතු වෙන්නෙ නෑ. ජනතාව එම අවස්ථාව කරා නොයන ආකාරයට දේශපාලකයන් සහ ආගමික දේශපාලකයන් විසින් ජනතාව බෙදා වෙන් කර අවසන්. ඒ වගේ ම තමන්ගේ සහ රටේ අනාගතය වෙනුවෙන් එකමුතු වෙන්න, පාරට බහින්න, සංවිධානාත්මක විරෝධය පල කරන්න අපේ මිනිස්සුන්ට වෙලාවක් නෑ, අතිශයින් කාර්ය බහුලයි. පට්ට බිසී. කෙටි කාලීන වාසිය, දේශපාලන නූගත්කම ආදී ලක්ෂණ ගණනාවක් හේතුවෙන් මිනිස්සු තීරණය කරනවා ‘තමන්ගෙ පාඩුවේ’ ඉන්න. ඒත් තමන් ඒ කරන දේ තමන්ගේ දරුවාට සහ රටේ අනාගතය කෙරෙහි බලපාන ආකාරය පිළිබඳව කිසිම අදහසක් ඔවුන් තුල නෑ. මෙහෙම එකමුතු නොවෙන්න තවත් හේතුවක් තියනවා, ඒ රජය සහ මැර හමුදා කෙරෙහි ඇති භය. මිනිසුන් තුල මුල් බැසගත් අදහසක් තියනවා ‘අදාල කාරණය වැරදි නමුත් ඊට විරුද්ධව කටයුතු කරන්න ගියොත් තමන්ට කරදර වලට මුහුණ පෑමට වෙයි හෝ මැරෙන්න සිද්ධ වෙයි’ කියලා. කවුරුන් හෝ කෙනෙක් යම් ආකාරයකින් රජය විවේචනය කරන සමහර වෙලාවට ‘උඹව සුදු වෑන් එකකින් උස්සයි!’ කියන්නෙ විහිළුවට ම නෙවෙයි.

නමුත්, ඇත්තටම එය සිදු විය යුත්තේ ඊට ප්‍රතිවිරුද්ධව. රජය හෙවත් අපෙන් වැටුප් ලබන තාවකාලික පාලකයන් ජනතාව වෙත ඇති බලය වටහාගන වැරදි පියවරක් නොතබන්නට ජනතාව හට බිය විය යුතුයි. ගැටළුව පවතින්නේ ජනතාව ඒ කාරණය වටහා නොගැනීමේ.

එය තේරුම්ගත් මිනිසුන් තමයි ජනතාවක් වශයෙන් එකට එක්ව තම රජයන් ලවා ජනතාවට සහ රටට අවැසි දේ කරවාගන්නේ, රජය අයාලේ යන විට ඔවුන් කණෙන් අල්වා හෝ නිවැරදි මාවතට ගන්නට සටන් වදින්නේ. ඉහත දක්වා ඇති ජනතා ව්‍යාපාර අතරින් සමහරක් ජනතා එකමුතුභාවයේ සාර්ථකත්වයට නිදසුන්. රජයක මුහුණු මාරු කිරීම මඟින් සමාජයට, අනාගත පරපුරකට හෝ රටට අත්වන යහපතක් නෑ. ඒ බව තහවුරු වී අවසන්. විකල්පය විය යුත්තේ පවතින්නා වූ ඕනෑම රජයක් රටට සහ අනාගත සමාජයකට වඩාත් යහපත් සහ හිතවාදී ආකාරයට ‘මෙහෙයවීම’ යි.

දේශපාලකයා යනු ජනතා ‘නියෝජිතයෙක්’ පමණයි. නියෝජිතයා තමන්ගේ රැකියාව වගකීම් සහ යුතුකම් නිවැරදිව ඉටු නොකරනවා නම් ජනතාවට සිද්ධ වෙනවා තමන්ගේ ‘නියෝජිතයා’ නිවැරදි කරවන්න. වගකීම තමන් වෙත නැවත බාර ගන්න. ඒ සඳහා පුරවැසියා හට අයිතිය මෙන් ම බලයක් ද පවතිනවා.

රජයන් විසින් සමාජය ජාති, ආගම්, කලු, පන්ති යනාදියෙන් වෙන්කර තබන්නට උත්සාහ ගන්නේ එම නිසයි.

ඉතින් මේ තමාගේ ආකල්ප, අරමුණු, වගකීම් ප්‍රශ්න කරගත යුතු වෙලාව. දේශපාලකයා ප්‍රශ්න කලයුතු වෙලාව. එකමුතු විය යුතු මොහොත.

Comments