සෝෂල් මීඩියා කුඩ්ඩන් වම්හ


සෝෂල් මීඩියා ඇඩික්ට්ස්ලගෙයි හෙරොයින් ඇඩික්ට්ස්ලගෙයි ලොකු වෙනසක් නෑ. ඊලඟ හෙරොයින් ෆික්ස් එක හම්බෙන්නෙ කොයි වෙලේද කියලා උන් වෙව්ලනවා වගේම මුනුත් වෙව්ලනවා, ඒ ඊලඟ ලයික්/හාට් එක වැටෙනකම් ෆලෝවර් කවුන්ට් එක වැඩිවෙනකම්, ශෙයා එකක් RT එකක් වැටෙනකම්. රිප්ලයි එකක්, ඇගයීමක් ලැබෙනකම්.

ඇත්ත, ජීවිතේ ඒකාකාරියි, තමන්ගෙ මාර Exciting ජොබ් එක වුණත් කාලයක් යද්දි අර මුලින් දීපු ඩොපමින් ඩෝස් එක දෙන්නෙ නෑ, ඒ කියන්නෙ අර excitement එක නෑ. ඉතින් මේකට එනවා, අපි පොඩ්ඩක් exvcite වෙනවා, ඇයි? මේක මාර ජීවිතයක්.

අපේ අර කම්මැලි, ප්‍රශ්න පිරුණු, කොන්දෙ අමාරුවයි පීනසයි හැදුණ අතෘප්තිමත් ජීවිතේට හොඳ විසඳුමක්. ගත්තු හොඳම ෆොටෝ එකට ෆිල්ටරේකුත් දාලා හැමෝටම පේන්න දාලා, 'කූල්' බයෝ එකක් දාලා අපි හීනෙකට ඇතුල් වෙනවා. මේකෙන් අපිට ඕන කරන ඊලඟ හෙරොයින් ෆික්ස් එක හම්බෙනවා. ඊලඟ ලයික්/හාට් එක, ඊලඟ කමන්ට් එක.

මෙහෙම ටික කාලයක් යද්දි අපි ඊලඟ කේක් කෑල්ල හම්බෙනකම් ඉන්න ලැබ් රැට් කෙනෙක් බවට පත් වෙනවා. පොඩ්ඩක් අල්ලන් හිටියහැකි. ඒත් ඊලඟ එක ඕන. අපි ඒ හැඟීම, පෙළඹවීම ආයෙ විඳින්න භාවිතා කරනවා තව පෝස්ට් 1ක්, තව ත්‍රෙඩ් 1ක්, තව ෆොටෝ 1ක්.

උඹ පාරට බැස්සම මූණවත් නොබලන එවුන් ම උඹ පෝස්ට්/ට්වීට් එකක් දැම්මම පොර කකා උඹේ ඊලඟ හෙරොයින් ෆික්ස් එක උඹට දෙනවා. උඹට වෙනම පර්සනලිටියක් පවා ගොඩ නැඟෙනවා. පළාත් සභා මන්ත්‍රී යද්දි ඔළුව හංගන් හැංගෙන උඹ, ට්විටර් එකේ ජනාධිපතිව මෙන්ෂන් කරලා ඌට රට හදන්න උපදෙස් දෙනවා, බනිනවා. ඇමති කෙනෙක්ට සෝෂල් මීඩියාවල පොන්සියා කියලා බනින උඹ, ඇමතිනියකට වේසි කියන උඹ උන් මූණට මුණ ගැහිලා අතට අත දුන්නොත් දාඩිය පෙරෙන අත දික් කරන්නෙ දණිස් දෙක බෑන්ඩ් ගහන අතරෙ. ඒත් මෙතනදි, උඹ සමානයෙක්. උඹට උඹ ගැනම වැදගත්කමක් වටිනාකමක් දැනෙනවා. තමන් සමාජය ඉදිරියේ පොරක් කියලා දැනෙනවා.

අනිත් එවුන් LSD ගහලා ගන්න ෆික්ස් එක අපි සෝෂල් මීඩියා වලින් ගන්නවා, අපි තහනම් නොවෙන උත්තේජකයක් භාවිතයෙන් අපිටම වෙන් වුණ උටෝපියාවක් හදාගන ඒකෙ ජීවත් වෙනවා. ඒක මාර එක්සයිටිං.

ඒ වගේම මට මේ ලඟදි තේරුණ දෙයක්, අපි ඒ උටෝපියාවෙන් ගැලවෙන්න කැමති නෑ, හීනෙන් අවදි වෙන්න කැමති නෑ. අපි හැමවෙලේම තෝරගන්නෙ නිල් පාට පෙත්ත.

ඒ වගේම අපි අපිව මේ ඩොපමීන් රෂ් එකෙන් ගලවගන්න කවුරුහරි උත්සාහ කලොත් හෝ ඒකට බාධාවක් වුණොත් දැඩිව විරුද්ධ වෙලා සටන් කරනවා. ඒක හරියට කිරි බිබී ඉන්න ළදරුවෙක්ව මවු තුරුල්ලෙන් බලෙන් ගලවගන්න උත්සාහ කරාම වගෙයි. අපි කෑ ගහලා අඬනවා. අපිට ඊලඟ ඩෝස් එක ඕන.

අපිව පහු කරගෙන වෙන එකෙක් ඉස්සරහට ගියොත් අපි depress වෙනවා. ඒක අපිට දැනෙන්නෙ නෑ, ඒත් උගෙ පෝස්ට් එකට වඩා මගෙ එක හිට් වෙන්න ඕන. නැත්නම් හිතට හරි නෑ වගේ. අර රෂ් එක, එක්සයිට්මන්ට් එක තවදුරටත් නෑ. එතකොට අපි බාධාව ඉවත් කරලා ඒක රැකගන්න බලනවා. අපි තන බුරුල්ලෙ එල්ලිලා අඬනවා.

මේක අපේ Comfort and safe zone එක. අපි හැමවෙලේම ඊලඟ ඩෝස් එක බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ධනවාදය, පාරිභෝගිකවාදයට වඩා අපේ මේ ඩොපමින් ආසක්තවීම ඉහළයි. අපි අපිටම අටවගත්තු මර උගුලක්.

- සඳකැළුම් වෑවිට (ඇන් ඇඩික්ට්)

Comments