වීරයා මැරිච්ච භූමියක්!


මේක හිතන මිනිස්සු, හිතන්න පුළුවන් මිනිස්සු, හිතන්න බය නැති මිනිස්සු මැරිච්ච භූමියක්.

මේ රටේ මිනිස්සු හිතන්න බය යි. හිතුවම තමන් ට අවබෝධ වෙන දේ ගැන මිනිස්සු බය යි. තමන් දරන අදහස් වල, තමන් වන්දනාමාන කරන පුද්ගල චරිත වල සුජාතභාවය ප්‍රශ්න කරන්න මිනිස්සු බය යි; තමන් වැරදි බව තමන් ට ම වැටහේවි කියලා.

මනුස්සයෙක් නිවැරදි ගමනකින් පරිණත වෙන්නෙ මූලික ව 'ස්වයං විවේචනය' මඟින්. මේ රටේ මිනිස්සු තව දුරටත් තමන් ව ප්‍රශ්න කිරීමක් කරන්නෙ නෑ. ප්‍රශ්න කල යුතු කිසිම දෙයක් ප්‍රශ්න කරන්නෙ නෑ, බය ට.

නිදහස් චින්තනයක්, නිදහස් මතවාදයක් තවදුරටත් නෑ. කාගෙන් හෝ ණයට ගත්තු මතවාදයක ට, කවුරුන් හෝ පුද්ගල චරිතයක ට වන්දනාමාන කරන මලමිනී තමයි අද වෙද්දි පවතින්නේ.

ඔව්,

මේක වීරයා මැරිච්ච භූමියක්... !

Comments