ඔය ඒබ්‍රහමික ආගම් වල, විශේෂයෙන් දැන් යුදෙව් සහ ක්‍රිස්තියානියේ ලෝකය මැවීම වගේ කතාවල අන්තර්ගතය කොහොමත් පට්ට විහිළුවක් කියන එක පොඩ්ඩකට අමතක කරලා ඔය සර්ව බලධාරී දෙවියන් (මේ සර්ව බලධාරී කතාව තව විහිළුවක්) ගැන හිතුවොත් ටෝරාවේ (පරණ ගිවිසුම) හැටියට ඉස්සල්ලාම ඔය දෙවියො ගෑනියෙකුයි මිනිහෙකුයි මවලා ඉන්න දෙනවා. මුන් දෙන්නා අර සර්පයෙක් (යක්ෂයා/සාතන්/ලුසිෆර්) ඇවිත් තහනම් ගහ කියන එකේ ගෙඩියක් කන්න දෙනකම් ඉන්නේ අර Programme කරපු රොබෝ ලා ඉන්න ගාණට, නැත්නම් අනිත් සත්තු හිටියා වගේ ම. මුන්ට සිතීමේ හැකියාවක්, තනි තීරණ ගැනීමේ හැකියාවක් නෑ, අවබෝධ කරගැනීමේ හැකියාවක්වත් නෑ. කොටින් ම තමන් ඉන්නේ අමු හෙළුවෙන් (නිරුවතින්) කියලවත් දන් නෑ. ඩවුන් සින්ඩ්‍රෝම් තියන මනුස්සයෙකුටත් අන්තයි. අපේ භාෂාවෙන් කිව්වොත් 'පට්ට ගොන්'. ඔන්න ඔහොම එවුන් දෙන්න ට තමා මේ 'යක්ෂයා' අර ගෙඩියක් දීලා මොලේ ටිකක් පාදන්නේ.
දැන් ඔතන ඔය තහනම් ගහෙන් මොනවද තහනම් කරලා තිබුණෙ? කෙටියෙන් ම දැනුම, අවබෝධය, නිදහස් චින්තනය. ඔන්න ඕවා තමා අර පට්ට සර්ව සාධාරණ ආදරණීය දෙයියො තහනම් කරලා තිබුණෙ. ඉන් පස්සෙ ඒ විදියට දැනුම හා අවබෝධය ලබා ගැනීමේ මහා පාපයට දඬුවමකුත් දෙනවා. පට්ටම ආදරණීයයි.
පස්සෙ කාලෙක මිනිස්සු දියුණු වෙලා සතුටින් හා සමාදානයෙන් ඉන්නවා. දැන් මොකක්ද වෙන්නෙ? අර ආදරණීය දෙයියන්ට ඇහේ කටු අණිනවා වගේ. මූ කරන්නේ මිනිස්සුන් ගේ භාෂාවන් එකිනෙකාට අවබෝධ කරගත නොහැකි ආකාරයට අවුල් ජාලාවක් කරලා විනාශ කරලා දාන එක. සංස්කෘතිමය, භාෂාමය ගැටළු ඇතිවෙන්නෙ මේ විදියට දෙයියො බාබෙල් කොතේ පිස්සු නැටුවට පස්සෙ. කෙටියෙන් ම කියනවනම් ඉරිසියාකාර කුහක ගොන් යකෙක්. ආදරේ හිතෙනවා නේ?
ඔය හාදයා තව පිස්සු කෙලිනවා, තව එකක් කියන්නම්. ඊශ්‍රායෙල් ජනතාව මිසරයේ (වර්තමාන ඊජිප්තුව) වහල්කමට වැටිලා ඉද්දි (මේ ඊශ්‍රායෙල්වරු තමා දෙවියන්ගේ තෝරාගත් ජනතාව, අනිත් එවුන්ව අත් ඇරලා දාලා ඉන්නෙ, යකාගෙ ආදරණීය පියෙක්) මෝසෙස් කියලා කෙනෙක් ට ඔන්න භාර දෙනවා එතනින් ගලවගෙන අරන් එන එක. පාරාවෝ කැමති වෙනවා. වැඩේ හරියාගෙන එද්දි ඔන්න ඩයල් එක ආයේ පිස්සු කෙලිනවා. එක පාරක් නෙවෙයි දහ පාරක්. එක වතාවක මිසරයේ ඉන්න හැම පවුලකම කුඩා කුළුදුල් බිළිදු දරුවන් පවා මරා දමනවා, ඒ ලේ පිපාසාවට එහෙම නෙවෙයි. ආදරේ ට. මේ එකක් විතරයි.
දැන් මේ විදියට බලනකොට අර දැනුම හා අවබෝධය ලබා දුන් 'සාතන්/යක්ෂයා' ද නරක නැත්නම් මේ මිනිස්සුන් ව අඳුරෙ තියපු හොඳට ඉන්න මිනිස්සුන් ව එකිනෙකා කොටවමින් බිළිඳුන් ඝාතනය කරමින් ලේ පිපාසාවෙන් නටන ඔය දෙවියා ද? අච්චර දෙයක් කරපු ඔය සෝ කෝල්ඩ් යක්ෂයා මේ පිස්සු නටන දෙවියන්ට වඩා දාහෙන් සම්පතයි. ලිටරලි යක්ෂයා ඇවිත් අර ගෙඩියක් කන්න දෙනකම් දෙවියො මිනිස්සුන් ව අඳුරෙ නෙවෙයි ද තිබ්බෙ? ඒ විදියට අඳුරක අනවබෝධයක තියනවා මදිවට දැනුම හා අවබෝධය ලබා ගැනීමත් තහනම් කලා. මොන විදියෙ ආදරණීය පියෙක් ද ඒ?
ඔතන තව ආතල් එකක් තියනවා. දැන් දෙවියන් විසින් මිනිසා ට තනිව කටයුතු කිරීමේ නිදහස (අර සර්ව බලධාරී ආතල් එක මෙතනම ඉවරයි) දුන්න ලු. හැබැයි දැනුම/අවබෝධය/නිදහස් චින්තනය ලබා ගැනීම සපුරා තහනම්. ඒක පේන්න තියනවා. හැබැයි ගන්න බෑ. ගත්තොත් ඒක උන්දැට විරුද්ධ වීමක්. මහා පාපයක්. හැබැයි මාර නිදහස් ලු. මොන විහිළුවක් ද? කෙටියෙන්ම මේ දෙවියන්ට නැට්ටෙ ඉඳන් පිස්සු.
මේ විදියට බලනකොට ඔය ආබ්‍රහමි ආගම්වාදීන්, ටෝරාව පිළිගන්න උන්දලා වන්දනාමාන කරන්න ඕන ඔච්චර කෙලවපු අර දෙවියන් ව නෙවෙයි. මොලේ පොඩ්ඩක් හරි දීපු අර සාතන් ව. Literally, සාතන් ව අදහන එක ඔයිට වඩා නම්බුයි.
Hail Lucifer!! යක්ෂයා දිනේ වා!!!
Comments
Post a Comment